IMG-LOGO

අගනුවර වෙනස් කරන්න පාර්ලිමේන්තුවේ අනුමැතිය

ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර වෙනස් කිරීමට එරට ජනාධිපති යෝකෝ විඩෝඩෝ ප්‍රමුඛ රජය ගත් තීරණයට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවිය.

ඒ, අගනුවර වෙනස් කිරීම සම්බන්ධයෙන් සකස් කළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට යොමු කරමින් ඡන්ද විමසුමක් පැවැත්වූ අවස්ථාවේදීය.

ජකර්තා අගනුවර අධික ජනගහනයක් වාසය කිරීම, පැය 24 පුරා අධික වාහන තදබදයක් පැවැතීම, වායු දූෂණය ඉහවහා යෑම සහ යටිතල පහසුකම් ප්‍රමාණවත් නොවීම ආදී ගැටලු රැසක් මුල්කොට ගනිමින් අගනුවර වෙනත් ස්ථානයකට ගෙන යෑමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ජනාධිපති යෝකෝ විඩෝඩෝ ය.

මුස්ලිම් බහුතරයක් වෙසෙන ඉන්දුනීසියාව, ගිණිකොනදිග ආසියාවට අයත් දූපත් රාජ්‍යයක් වන අතර, එය පිහිටා ඇත්තේ ඉන්දීය සහ පැසිෆික් සාගරයට මැදිවය. දූපත් 17,000 ක් ඉන්දුනීසියාවට අයත් වන අතර, එයින් ප්‍රධාන දූපත් ලෙස සැලකෙන්නේ සුමාත්‍රා, සුලවේසී, ජාවාය. ඊට අමතරව, බෝනියෝ සහ නිව් ගිනියාවේ ද පළාත් ඉන්දුනීසියාවට අයත් වෙයි.

ඉන්දුනීසියාව යනු ලොව වැඩිම දූපත් එකතුවකින් නිර්මාණය වූ රාජ්‍යයයි. ඉන්දුනීසියාවේ ජනගහනය මිලියන 270 කි.
වත්මන් අගනුවර ලෙස සැලකෙන ජකර්තා පිහිටා ඇත්තේ ජාවා දූපතේය. ඉන්දුනීසියාවේ දූපත් අතරින් වැඩිම ජනගහනයක් වෙසෙන්නේ ජාවා දූපතේ වන අතර, ඉන්දුනීසියාවේ විශාලතම නගරය වන්නේ ද ජකර්තා අගනගරයයි.

පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවූයේ එරට අගනුවර බෝනියෝ දූපතේ ක්ලිමන්නාත් නමැති වනාන්තර ප්‍රදේශයට ගෙන යෑමටය. නව අගනුවර නුසන්තරා යන නමින් නම් කෙරෙනු ඇති බව ද පැවැසෙයි.

නුසන්තරා යන නමින් නව අගනුවර ඉදි කෙරෙනු ඇත්තේ ඇමෙරිකන් ඩොලර් බිලියන 32 ක මුදලක් වැය කරමින් යැයි ද පැවැසෙයි.

(රොයිටර්)



අදහස් (5)

අගනුවර වෙනස් කරන්න පාර්ලිමේන්තුවේ අනුමැතිය

AJITH Wednesday, 19 January 2022 05:47 PM

කොළඹ නගරය තුළ අක්‍රමවත්ව ඉදිකර තිබෙන සියලු කුඩා කඩ සහ ගොඩනැගිලි ඉවත් කළ යුතුවේ..

:       1       7

siri Wednesday, 19 January 2022 05:52 PM

සිරස්තලය දැක්ක ගමන් මම බය වෙච්චි බයවිල්ලක්. මට හිතුනේ හම්බන්තොට කියලයි.

:       5       7

sujeewaThursday, 20 January 2022 08:18 AM

යථාර්තවාදීව පොලොවේ පය නොගසා සිහින ලෝකවල ජීවත් වන විට එලෙස සිහිනයෙන් බිය වීම ස්වභාවිකයි මිත්‍රයා. ඔක නිතරම වෙනව නම් විතරක් හොද මනො වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ලබා ගන්න.

:       1       0

Madduma Bandara Thursday, 20 January 2022 05:49 PM

හොඳ අදහසක්... එය අප රටට සුදුසු තාර්කික මතයක් බව ඔප්පුකර පෙන්වාවි...

:       0       0

Abeywardana Friday, 21 January 2022 01:59 PM

ලංකාවේ අගනුවර විය යුත්තේ හම්බන්තොටයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 94 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1014 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site