
ඉරාක සහ සිරියාව කේන්ද්‍රකොටගත් අයි.එස්.අයි.එස්. ත්‍රස්ත සංවිධානයේ නව නායකයා අබ්දුල් කාදර් මුමින් යැයි පැවැසෙයි. මොහු සෝමාලි ජාතිකයෙකි. මොහු සෝමාලියාවේ කඳුකරයේ සිට සැඟවී මෙහෙයුම් සඳහා නායකත්වය දෙන බව පැවැසෙයි.
ඇමෙරිකන් බුද්ධි අංශ අබ්දුල් කාදර් මුමින් ගැන විමසිල්ලෙන් පසුවන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඇමෙරිකාවේ අප්‍රිකානු කලාපීය හමුදා අණදෙන නිලධාරි, ජෙනරාල් මයිකල් ලැන්ග්ලි, අබ්දුල් කාදර් මුමින් සම්බන්ධයෙන් ඇමෙරිකන් කොංග්‍රස් මණ්ඩලය දැනුවත් කර ඇතැයි ද පැවැසෙයි.
මුමින් උපත ලබා ඇත්තේ 1950 ගණන්වල මුල් භාගයේදී සෝමාලියාවේ පුන්ට්ලන්ඩ්හිදීය. එංගලන්තයේ වසර ගණනක් සංක්‍රමණිකයකු ලෙස ජීවත් වූ මුමින්, බ්‍රිතාන්‍ය මුස්ලිම් පල්ලිවල අන්තවාදය දේශනා කළ බව ද පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd