
ඉරාකයේ මොසූල් නුවර, අල් නූර් ප්‍රධාන මුස්ලිම් පල්ලියේ බිත්තියක් තුළ සඟවා තිබුණු අයි.එස්. ත්‍රස්තවාදීන්ට අයත් අධිබලැති බෝම්බ පහක් සොයා ගැනුණි.
අයි.එස් හෙවත් ඉස්ලාමීය සටන්කාමීන්ගේ ආරම්භය සිදුවූයේ මොසූල් නගරය කේන්ද්‍රකොට ගනිමිනි. අයි.එස්. ත්‍රස්තවාදීන් මර්දනය කිරීමට ඉරාක රජය සමත් වූ පසු, මොසූල් නුවර යළි ඉරාක පාලනයට නතු විය.
අල් නූර් ප්‍රධාන මුස්ලිම් පල්ලිය ලෝක උරුමයකි. මෙය අයි.එස්. ත්‍රස්තවාදීන් අතට පත්වූයේ 2017 දීය. එය 2020 තෙක් ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයේ පසුවුණු අතර, ත්‍රස්තවාදීන් අතින් පල්ලියේ ස්ථාන රැසක් විනාශ වී ඇතැයි ද පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd