IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


AI මනාලා සමඟ විවාහ වෙයි

ChatGPT භාවිතයට ගනිමින් AI මනමාලයකු නිර්මාණය කර, එම මනාලයා සමඟ විවාහ වූ තරුණියක ගැන පුවතක් වාර්තා වෙයි. 

මේ මනාලයාගේ නම ක්ලවුස් ය. මනාලිය ජපන් ජාතික තරුණියක වන 32 හැවිරිදි කැනෝ ය. මැය කාර්යාල සේවිකාවක ලෙස රැකියාව කරන්නීය.

පසුගිය ගිම්හානයේදී පවත්වන ලද විවාහ උත්සවය සැබෑ ජීවිතය හා අතථ්‍ය යථාර්ථය (virtual reality) යන ද්විත්ව ආකෘතියකින් සංවිධානය කරන ලද්දකි. 

කැනෝ සහ ක්ලවුස් අතර මුදු මාරු කරන අවස්ථාවේදී, ඇය තම කෘත්‍රිම පෙම්වතාගේ අනුරුවක් ඇය අසල ප්‍රක්ෂේපණය කිරීමට සලස්වා, විශේෂිත කණ්ණාඩි කුට්ටමක් (augmented reality glasses) පැලඳ මුදු මාරුව සිදු කළ බව පැවැසෙයි. 

මෙම උත්සවය ජපන් සමාගමක් විසින් මෙහෙයවන ලද අතර, එය 2D චරිත විවාහ සඳහා විශේෂිත වූවක් බව ද පැවැසෙයි. කෙසේ වෙතත් කැනෝගේ මෙම විවාහය ජපානය විසින් නීත්‍යානුකූලව පිළිගෙන නොමැත‍.

 



අදහස් (0)

AI මනාලා සමඟ විවාහ වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 15 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 862 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2494 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site