
ඔසාමා බින් ලාඩන්ගේ නායකත්වයෙන් යුත් අල් කයිඩා ත්‍රස්ත සංවිධානය, ඇමෙරිකන් මගී ගුවන් යානා පැහැර ගනිමින්, ඇමෙරිකාවට මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල වී අද (11) ට වසර 20 කි.
ප්‍රහාර එල්ල වූයේ 2001 සැප්තැම්බර් 11 වැනිදා උදෑසනය. ඇමෙරිකාව අල් කයිඩා නායක ඔසාමා බින් ලාඉන් සොයා ඇෆ්ගනිස්තානයේ තලේබාන් පාලනය පෙරළා එරට ආක්‍රමණය කළේ ද මීට වසර 20 කට පෙරය. අද වනවිට ඇමෙරිකාව ඇතුළු නේටෝ හමුදා ඇෆ්ගනිස්තානයෙන් ඉවත්වී අවසන් වන අතර, තලේබාන්වරුන් යළි බලයට පැමිණ රජයක් ද පිහිටුවා අවසන්ය.
2001 සැප්තැම්බර් 11 වැනිදා පළමු සහ දෙවැනි ප්‍රහාර එල්ල වූයේ නිව්යෝක් නුවර ලෝක වෙළෙඳ මධ්‍යස්ථාන කුලුනු ගොඩනැගිලි දෙකටය.
තෙවැනි ප්‍රහාරය එල්ල වූයේ ඇමෙරිකන් යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනයටය. තෙවැනි ප්‍රහාරයට ධවල මන්දිරය හෝ කැපිටල් හිල් ගොඩනැගිල්ල ඉලක්ක වුවත් එය අසාර්ථක වූ අතර, ත්‍රස්තයන් පැහැරගත් සිවුවැනි යානය පෙන්සිල්වේනියාවේ පාලු ඉඩමකට කඩා වැටුණි.
2001 සැප්තැම්බර් 11 ප්‍රහාරය සිහිපත් කරමින් ජනාධිපති ජෝ බයිඩන් විශේෂ ප්‍රකාශයක් ද නිකුත් කළේය. ප්‍රහාරයෙන් මියගිය ඇමෙරිකානුවන් සිහිපත් කිරීම මෙහිදී සිදුවිය. ලෝක ඉතිහාසයේ දරුණුතම ත්‍රස්ත ප්‍රහාරය ලෙස සැලකෙන්නේ 9/11 ප්‍රහාර මාලවය.
මෙම ප්‍රහාර මාලාවෙන් සිවිල් වැසියන් 2,977 දෙනෙකු සහ ප්‍රහාරයේ වගකීම භාරගත් අල්කයිඩා සංවිධානයේ ත්‍රස්ත සාමාජිකයන් 19 දෙනකු ජීවිතක්ෂයට පත්විය.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd