
ඇමෙරිකාවේ අවුරුදු 5 ත් 11 ත් වයස් කාණ්ඩයේ පාසල් දරුවන්ට 'කොවිඩ් 19' ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීම මේ වනවිට ආරම්භ වී ඇත.
අවුරුදු 5 ත් 11 ත් වයස් කාණ්ඩයේ දරුවන්ට ලබා දෙන්නේ ඇමෙරිකාවේ 'ෆයිසර්' සමාගමේ 'ෆයිසර්' එන්නතය. ඒ, එම එන්නත කුඩා දරුවන්ට සුදුසු බවත් ආරක්ෂිත බවත් ඇමෙරිකන් ආහාර සහ ඖෂධ පාලන අධිකාරිය අනුමත කර ඇති නිසාය.
එන්නත ලබා ගැනීමට කුඩා දරුවන් උනන්දු කරවමින් එන්නත ලබා ගන්නා දරුවන්ට මුදල් තෑගි සහ තෑගි වවුචර ලබා දීම ද ආරම්භ වි ඇතැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. නිව්යෝක්, වොෂින්ටන් ඇතුළු ප්‍රාන්ත කීපයක පාසල්වල මෙසේ තෑගි ලබා දීම ආරම්භ කර ඇත්තේ පාසල් මට්ටමින් සහ ප්‍රාන්ත ආණ්ඩුකාරවරයන්ගේ මැදිහත්වීමෙනි.
(ඒ.ඒෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd