ඉරාකයේ මොසුල් හී සිවිල් වැසියන් 40 දෙනකු මරා විදුලි රැහැන් වල එල්ලා ඇතැයි වාර්තා වෙයි.අයි එස් ත්‍රස්තවාදීන් විසින් මෙය කරන්නට ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය සැක කරයි.
අයි එස් ත්‍රස්තයින් විසින් ඇති කරගත් ස්වයං අධීකරණ වල නියෝග මත මෙම ඝාතන සිදුකරන බව එම සංවිධානය පවසයි.‘රාජද්‍රෝහී චෝදනා මත‘ යැයි කියමින් එම වැසියන් ඝාතනය කර ඇති බව කියයි.
‘ද්‍රෝහීයෝ‘ හා ‘ඉරාක ආරක්ෂක හමුදා නියෝජිතයෝ“ යන වචන සහිත තැඹිලි පැහැති ඇඳුම් අන්දවා ඔවුන් ඝාතනය කර ඇත.
ජංගම දුරකථන භාවිතයට එරෙහිව අයි එස් ත්‍රස්තයින් පැනවූ තහනම නොතකා ජංගම දුරකථනයක් භාවිත කළැයි සිවිල් වැසියෙකුට ප්‍රසිද්ධියේ වෙඩි තබා ඇති බවද වාර්තා වෙයි.
මානව හිමිකම් හා යුද නිති උල්ලංගනය කරමින් දරුවන්,කාන්තාවන් ඝාතනය කිරිමත් ඒවා වීඩියෝ පට ඔස්සේ ප්‍රචාරය කිරීමත් ශෝකයෙන් යුතුව හෙළා දකින බව එක්සත් ජාතීන්තේ සංවිධානය පවසයි.
නැවත මෙවන් සිදුවීම් නොවීමට අයි එස් පාලනයෙන් මුදාගත් ප්‍රදේශ වල නීති ක්‍රියාත්මක කරන ලෙස එම සංවිධානයේ මානව හිමිකම් මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් ඉරාක රජයෙන් ඉල්ලා සිටියේය.
රසායනික අවි සඳහා යොදාගත් සල්ෆර් හා ඇමෝනියා ගබඩා රැසක් එම ප්‍රදේශ වල ඇති බවද කියයි.
මොසුල් නගරය 2014 දී අයි එස් ත්‍රස්තයින් පාලනයට නතු වූ අතර මේ වන විට නගරය මුදාගැනීමට ඉරාක හමුදා මෙහෙයුම් දියත් කර ඇත.
(අයි එස් ත්‍රස්තයින් භාවිත කර අතහැර දැමූ නිවසක්)
(අයි එස් ත්‍රස්ත පාලනය යටතේ සිදුවූ විනාශය)
(ඡායාරූප-රොයිටර් පුවත්)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් ප්‍රජා සත්කාරයක් කරලා තියෙන්නේ. අනේ මෙහෙමත් මිනිස්සු!
අපේ රටටත් මෙවැනි විපත් වැඩි අෑතක නොවෙයි. දැන්ම අන්තවාදය පරාජය නොකළොත්.(ම)
මේ සංහාරයට හුදෙක්ම ඇමරිකාව ප්‍රධානකොට බටහිර රටවල් වගකියන්න ඕනෑ. කිසිදෙයක් නොදන්නා අහිංසක දරුවෝ ගැන දුකයි. මේ සංවිධාන වලට මූලාරම්භය දුන් බලගතු නායකයින්ට ආපසු හැරී හිතන්න කාලය ඇවිල්ලා (නි)
මිනිස් සිත මෙතරම් ම්ලේච්ඡද? (නි)