
ඇමෙරිකාව, මෙක්සිකෝව සහ කැනඩාව යන රටවල සත්කාරකත්වයෙන් 2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය එළැඹෙන ජූනි මාසයේ දී පැවැත්වෙයි. මෙම පාපන්දු ලෝක කුසලානයටත් ජනප්‍රිය බටහිර ගායිකා ෂකිරා ගීයක් නිර්මාණය කර ඇත.
49 හැවිරිදි ෂකිරාගේ ‘ඩායි ඩායි’ නමැති මෙම ගීතය නිල වශයෙන් එළිදැක්වීම ලබන 14 වැනිදා ය.
ගීතයේ කොටස් අන්තර් ජාලය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී ඇති බවද පැවැසෙයි. 2006 වසරේ ජර්මනියේ පැවති ලෝක කුසලාන සමාප්ති උළෙලේදී ද ‘හිප්ස් ඩෝන්ට් ලයි’ ගීතය ගායනා කළාය.
2010 වසරේ දකුණු අප්‍රිකාවේ පැවති තරගාවලිය වෙනුවෙන් ද ගීතයක් ගායනා කළාය. ඒ, ලොකු කුඩා කා අතරේත් ප්‍රකට ‘වකාවකා’ ගීතයයි.
2014 බ්‍රසීල ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් ‘ලා ලා ලා’ ගීතය ඉදිරිපත් කළාය. බ්‍රසීලයේ රියෝ ද ජැනයිරෝහි පැවති එහි සමාප්ති උළෙලේදී ඇය එය සජීවීව ගායනා කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd