
මෙම 2025 වසර සඳහා නොබෙල් ත්‍යාග ප්‍රදානය මේ වනවිට ආරම්භ වී ඇත. නොබෙල් ත්‍යාග අතරින් ප්‍රධානතම මෙන්ම වටිනාම ත්‍යාගය ලෙස සැලකෙන්නේ සාම ත්‍යාගයයි. මෙවර නොබෙල් සාම ත්‍යාගයට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නම ද යෝජන වී ඇත.
නොබෙල් කමිටුව පවසා ඇත්තේ, නොබෙල් සාම ත්‍යාගය සඳහා පුද්ගලයන් සහ ආයතනවල නම් 338 ක් තමන්ට ලැබී ඇති බවය. ඒ අතරේ පුද්ගලයන් 244 ක් සහ විවිධ ආයතන 94 ක් ඇතැයි පැවැසෙයි.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නම සාම ත්‍යාගයට යෝජනා වී ඇත්තේ ඔහු යුද ගැටුම් කීපයක් වළක්වා ගැනීමට මැදිහත් වී කටයුතු කළ නිසාය. පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ආදිය ට්‍රම්ප් වෙනුවෙන් නොබෙල් සාම ත්‍යාගයට ට්‍රම්ප්ගේ නම යෝජනා කර ඇත.
ඊට අමතරව, බන්ධනාගාරගතවය සිටින පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්, ලොව අංක එකේ බිලියනපති ඉලොන් මස්ක්, මැලේසියානු අග්‍රාමාත්‍ය අන්වර් ඊබ්‍රහිම් ද එම ලැයිස්තුවේ සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd