IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


2018 වසරේ වැඩිම වාර ගණනක් සෙවූ වචනය ‘ජස්ටිස්’

මේ වසරේ වචනය බවට ජස්ටිස්වචනය නම් කර ඇත. ඉංග්‍රිසි භාෂාවේ ජස්ටිස්යනුවෙන් හැඳින්වෙන වචනය අධිකරණය, යුක්තිය, සාධාරණත්වයයන සිංහල අරුත් ගැන්වෙයි. 

ලොව ජනප්‍රියතම ශබ්දකෝෂයක් වන ‘මේරියම් වෙබ්ස්ටර්’ ශබ්දකෝෂය භාවිත කරමින් වැඩිම අවස්ථා ගණනකදී තේරුම සෙවූ වචනයට බවට පත්ව ඇත්තේ ‘ජස්ටිස්’ යන වචනයයි. 

‘මේරියම් වෙබ්ස්ටර්’ යනු ශබ්දකෝෂ, වෙනත් කෝෂ ග්‍රන්ථ සහ නිර්දේශිත ග්‍රන්ථ යනාදිය එළිදක්වන ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රකාශන සමාගමකි.

මේ අනුව සාධාරණ යන මූලධර්ම යටතේ ‘ජස්ටිස්’ යන වචනය ‘2018 වසරේ වචනය’ ලෙස නම් කර තිබේ. 

පරිශීලකයන් 2017 වසර හා සැසඳීමේදී 2018 වසරේදී ‘ජස්ටිස්’ යන වදනේ අරුත් සෙවීම සියයට 74කින් වැඩි වී ඇතැයි ‘මේරියට් වෙබ්ස්ටර්’ වෙබ් අඩවියේ ප්‍රකාශික මේගන් ලුන්ගි කීවාය. 

‘මේරියම් වෙබ්ස්ටර්’ යනු ඇමෙරිකා එක්සත් ජනපදයේ විශ්වාසනීයම ශබ්දකෝෂය යැයි ද පැවසේ. 

පරිශීලකයන් අධිකරණය එසේත් නැතිනම් ‘ජස්ටිස්’ යන වචනයේ තේරුම සොයා ඇත්තේ වෙනත් විවිධ වචන ද යොදාගනිමිනි. එහිදි විශේෂිත වදන් පෙළක් ලෙස තේරුම් සොයා ඇත්තේ ‘ඔබ්ස්ට්‍රක්ෂන් ඔෆ් ජස්ටිස්’ යන්නේ බව ද පැවසේ. ‘ඔබ්ස්ට්‍රක්ෂන් ඔෆ් ජස්ටිස්’ යන්නේ සිංහල තේරුම ‘අධිකරණ ක්‍රියාවලියට බාධා කිරීම යන්නයි. වසර 2016 පැවැති ජනාධිපතිවරණයේදී රුසියාවේ මැදිහත් වීම සම්බන්ධයෙන් විශේෂ නීතිඥ රොබට් මුලර් කරන විමර්ශන නැවැත්වීමට නීතිපති ජෙෆ් සෙෂන්ස් කටයුතු කළ යුතු යැයි ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ල් අගෝස්තු මාසයේදී ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේය. එම ප්‍රකාශයෙන් පසු පරිශීලකයන් ‘ඔබ්ස්ට්‍රක්ෂන් ඔෆ් ජස්ටිස්’ වදන් පෙළේ තේරුම වැඩි වශයෙන් සොයන්නට වූ බව ද ‘මේරියට් වෙබ්ස්ටර්’ සමාගම නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. 

රොයිටර්

055

 



අදහස් (0)

2018 වසරේ වැඩිම වාර ගණනක් සෙවූ වචනය ‘ජස්ටිස්’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 768 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2411 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site