මේ වසරේ වචනය බවට ‘ජස්ටිස්’ වචනය නම් කර ඇත. ඉංග්‍රිසි භාෂාවේ ‘ජස්ටිස්’ යනුවෙන් හැඳින්වෙන වචනය ‘අධිකරණය, යුක්තිය, සාධාරණත්වය’ යන සිංහල අරුත් ගැන්වෙයි.
ලොව ජනප්‍රියතම ශබ්දකෝෂයක් වන ‘මේරියම් වෙබ්ස්ටර්’ ශබ්දකෝෂය භාවිත කරමින් වැඩිම අවස්ථා ගණනකදී තේරුම සෙවූ වචනයට බවට පත්ව ඇත්තේ ‘ජස්ටිස්’ යන වචනයයි.
‘මේරියම් වෙබ්ස්ටර්’ යනු ශබ්දකෝෂ, වෙනත් කෝෂ ග්‍රන්ථ සහ නිර්දේශිත ග්‍රන්ථ යනාදිය එළිදක්වන ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රකාශන සමාගමකි.
මේ අනුව සාධාරණ යන මූලධර්ම යටතේ ‘ජස්ටිස්’ යන වචනය ‘2018 වසරේ වචනය’ ලෙස නම් කර තිබේ.
පරිශීලකයන් 2017 වසර හා සැසඳීමේදී 2018 වසරේදී ‘ජස්ටිස්’ යන වදනේ අරුත් සෙවීම සියයට 74කින් වැඩි වී ඇතැයි ‘මේරියට් වෙබ්ස්ටර්’ වෙබ් අඩවියේ ප්‍රකාශික මේගන් ලුන්ගි කීවාය.
‘මේරියම් වෙබ්ස්ටර්’ යනු ඇමෙරිකා එක්සත් ජනපදයේ විශ්වාසනීයම ශබ්දකෝෂය යැයි ද පැවසේ.
පරිශීලකයන් අධිකරණය එසේත් නැතිනම් ‘ජස්ටිස්’ යන වචනයේ තේරුම සොයා ඇත්තේ වෙනත් විවිධ වචන ද යොදාගනිමිනි. එහිදි විශේෂිත වදන් පෙළක් ලෙස තේරුම් සොයා ඇත්තේ ‘ඔබ්ස්ට්‍රක්ෂන් ඔෆ් ජස්ටිස්’ යන්නේ බව ද පැවසේ. ‘ඔබ්ස්ට්‍රක්ෂන් ඔෆ් ජස්ටිස්’ යන්නේ සිංහල තේරුම ‘අධිකරණ ක්‍රියාවලියට බාධා කිරීම යන්නයි. වසර 2016 පැවැති ජනාධිපතිවරණයේදී රුසියාවේ මැදිහත් වීම සම්බන්ධයෙන් විශේෂ නීතිඥ රොබට් මුලර් කරන විමර්ශන නැවැත්වීමට නීතිපති ජෙෆ් සෙෂන්ස් කටයුතු කළ යුතු යැයි ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ල් අගෝස්තු මාසයේදී ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේය. එම ප්‍රකාශයෙන් පසු පරිශීලකයන් ‘ඔබ්ස්ට්‍රක්ෂන් ඔෆ් ජස්ටිස්’ වදන් පෙළේ තේරුම වැඩි වශයෙන් සොයන්නට වූ බව ද ‘මේරියට් වෙබ්ස්ටර්’ සමාගම නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
රොයිටර්
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd