ඉතාලියේ රෝම අගනුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කොන්සියුලර් අංශයේ සේවා මේ මස 14 සහ 15 දෙදින  සීමිත ප්‍රමාණයකට සිදු කරන බවත්, එම දිනවල හදිසි සේවා සඳහා පමණක් පැමිණෙන ලෙසත් ජනතාවට දන්වන බව තානාපති කාර්යාලය පවසයි. 

කොන්සියුලර් අංශය මෙම 19 වැනි සෙනසුරාදා විවෘත බව පවසන තානාපති කාර්යාලය එදින ලිපි බාර ගැනීම පෙරවරු 10 සිට පස්වරු 3 දක්වා ද, අංක නිකුත් කිරීම පෙරවරු 9 සිට ද සිදු කෙරෙතියි කියති.

කොන්සියුලර් ලිපි සහ පරිවර්තන සේවයේ ලිපි පමණක් එදින බාර ගන්නා බවත්, දෙසැම්බර් මස 2, 3 වැනි දා දහවල් 12 න් පසුව අදාළ ලිපි සහතික කර නිකුත් කරන බවත් කාර්යාලය දන්වා සිටී.