ඉරාන හිතවාදී සටන්කාමී නායකයා ඇමෙරිකන් ප්‍රහාරයෙන් මරුට ඉරාකයේ, ඉරාන හිතවාදී සටන්කාමීන් කල්ලියක නායකයා ඇමෙරිකන් ඩ්‍රෝන ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්විය. ඩ්‍රෝන ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූයේ ඉරාකයේ ක්‍රියාත්මක කටාබි හිස්බුල්ලා සටන්කාමී කල්ලියේ නායකයාය. පසුගියදා ජෝර්දානයේ ඇමෙරිකන් හමුදා කඳවුරට පහර දුන් බව පැවැසුණේ මෙම සටන්කාමී කල්ලියයයි. 08 February 2024
ඇමෙරිකන් හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටේ ඇමෙරිකන් හමුදාවේ මැරීන් භටයන් රැගත් හෙලිකොප්ටර් යානයක් ඊයේ (8) අනතුරට පත් වී කඩා වැටුණි. යානය කඩා වැටුණේ, නෙවාඩා ක්රීච් ගුවන් කඳවුරේ සිට දකුණු කැලිෆෝනියාවේ ගුවන් කඳවුරක් වෙත පියාසර කරමින් සිටිද්දීය. 08 February 2024
පාකිස්තාන මහ මැතිවරණය අද පාකිස්තාන මහ මැතිවරණය අද (8) පැවැත්වෙයි. මෙය පාකිස්තානයේ 12 වැනි මහ මැතිවරණයයි. මිලියන 128 ක පිරිසක්, ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා සිටින බව මැතිවරණ කොමිසම නිකුත් කළ නිවේදනයක දැක්විණි. 08 February 2024
පාකිස්තානයේ බෝම්බ පිපිරේ පාකිස්තානයට අයත් බලුකිස්තානයේ බෝම්බ දෙකක් පිපිරී 20 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 07 February 2024
සාම සැලැස්මට හමාස් කැමැතියි ඇමෙරිකාව සහ ඊජිප්තුව ද හවුල් කර ගනිමින්, කටාර් රාජ්‍යය මැදිහත් වී, ඊශ්‍රායල හමාස් අර්බුදය විසඳීමට සකස් කළ සාම සැලැස්මට හමාස් සංවිධානය නිල වශයෙන් කැමැත්ත පළ කළේය. 07 February 2024
චිලී හිටපු ජනපති ගුවන් අනතුරින් මරුට චිලි රාජ්‍යයේ හිටපු ජනාපධිති සෙබෙස්තියන් පිනේරා, හෙලිකෝප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත්විය. කෝටිපති ව්‍යාපාරිකයකු ද වන පිනේරා දෙවරක් චිලී රාජ්‍යයේ ජනාධිපති ධුරය හොබවා තිබේ. 07 February 2024
ට්‍රම්ප්ට මුක්තිය නෑලූ ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට මුක්තිය නැතැයි, එරට අධිකරණයක් තීන්දු කර ඇත. හිටපු ජනාධිපති ට්‍රම්ප්, මෙම වසරේ නොවැම්බරයේ පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයට ප්‍රතිවාදී රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට ද සූදානමින් සිටී. 07 February 2024
හිරේ ඉන්න හිටපු අගමැති ඉම්රාන්ට බරපතල වැඩ පාකිස්තාන මහ මැතිවරණය පැවැත් වීමට නියමිත අතර, දූෂණ චෝදනා සම්බන්ධයෙන් වරදකරුවන් වූ පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් සහ ඉම්රාන්ගේ රජයේ හිටපු විදේශ කටයුතු අමාත්‍ය ෂා මහමුද් කුරේෂි බරපතල වැඩ සහිතව සිරදඬුවම් විඳින බව එරට මාධ්‍ය වාර්තා කරයි. 06 February 2024
රුසියන් ගගනගාමියෙක් දින 878 ක් අභ්‍යවකාශයේ රුසියන් ගගනගාමී ඔලෙග් කොනොනෙන්කෝ දින 878 ස් සහ පැය 12 ක් (වසර 2 1/2 ක්) අභ්‍යවකාශ නැවැතුම්පොළේ ගත කරමින් වාර්තාවක් පිහිටුවා තිබේ. 06 February 2024
ජපන් රූ රැජිනට කිරුළ අහිමි වෙයි විවාහක පුද්ගලයකු සමඟ අනියම් සම්බන්ධයක් ඇති බව තහවුරු වීම හේතුවෙන්, ජපාන රූ රැජින ලෙස කිරුළ දිනූ කැරොලිනා ෂිනෝ නමැති යුවතියට, එම කිරුළ ආපසු බාර දීමට සිදුවී ඇතැයි ජපන් ටැබ්ලොයිඞ් පුවත්පත් වාර්තා කරයි. 06 February 2024
චාල්ස් රජු ගැන බයිඩන් දුකෙන් බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජු පිළිකා රෝගියකු බව අසන්න ලැබීමත් සමඟ ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් කම්පනයටත් දුකටත් පත් වුණු බව ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 06 February 2024
චාල්ස් රජුට පිළිකාවක් බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජුට පිළිකා රෝගියකු බව තහවුරු වී ඇතැයි බකිංහැම් මාලිගය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 06 February 2024
මාලදිවයින ජනපතිට විපක්ෂයෙන් විරෝධයක් මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසු එරට පාර්ලිමේන්තුවේ පළමු සැසිය ආරම්භ කරමින් කතා කරද්දී, පාර්ලිමේන්තුවේ සිටි විපක්ෂ දෙශ්පාලන පක්ෂ දෙකක මන්ත්‍රීවරු ඔහුට විරෝධය පළ කළහ. 05 February 2024
කැලිෆෝනියා වැසියෝ ලක්ෂ 5 කට විදුලිය නෑ ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදයේ සැන්ටා බාබරා නුවර සිට ලොස් ඇන්ජලීස් නුවර දක්වා ලක්ෂ 5 කට වැඩි පිරිසක් විදුලි බලය නොැතිව පීඩාවට පත්වී සිටින බව පැවැසෙයි. 05 February 2024
මහාචාර්යවරයාට චීනයේදී අත්හිටවූ මරණ දඬුවමක් චීනයේ සංචාරයක් අතරතුරේ අත්අඩංගුවට ගැනුණු ඔස්ට්‍රේලියානු ජාතික මහාචාර්යවරයකුට චීන අධිකරණයක් අත්හිටවූ මරණ දඬුවමක් නියම කර ඇත. 05 February 2024
ජනපතිවරණය ජයගත් බව සැල්වදෝර් ජනාධිපති කියයි ලතින් ඇමෙරිකා රාජ්‍යයක් වන එල් සැල්වදෝරයේ ජනාධිපති නයිබ් බුකේලේ සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා කියා සිටියේ, පැවැති ජනාධිපතිවරණයෙන් තමන් ජයග්‍රහණය කළ බවත්, පිටපිට දෙවැනි වරට තමන්ට ජනවරමක් හිමිවුණු බවත්ය. 05 February 2024
චිලී වැසියෝ 112 ක් පණ පිටින් පිළිස්සෙති ලතින් ඇමෙරිකාවට අයත් චිලී රාජ්‍යයේ ළැව් ගිනිවලට බිලිවුණු ගණන 112 තෙක් ඉහළ ගොස් තිබුණි. 05 February 2024
සෙනගාල ජනපති ජනපතිවරණය අත්හිටුවයි බටහිර අප්‍රිකාවට අයත්, සෙනගාල් රාජ්‍යයේ ජනාධිපතිවරණය දින නියමයක් නොමැතිව අත්හිටුවීමට, ජනාධිපති මැකී සාලේ විශේෂ නියෝගයක් නිකුත් කළේය. 05 February 2024
මැරුණැයි කී නිළිය යහතින් ගැබ් ගෙල පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගිය බව කී බොලිවුඞ් නිළි පූණම් පාණ්ඬේ යහතින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත. 05 February 2024
යුක්රේන සිවිල් වැසියන්ට යුක්රේන හමුදාව පහර දීලා යුක්රේන නැගෙනහිර පළාත්වල රුසියන් හමුදා ඉලක්ක කර ගනිමින්, යුක්රේන හමුදාව ගුවන් ප්‍රහාර එල්ල කර ඇති බවත්, එම ප්‍රහාරවලින් යුක්රේන සිවිල් වැසියන් 20 දෙනකු මියගොස් ඇති බවත් රුසියාව පවසයි. 04 February 2024
බයිඩන් පළමු ජය ලබයි ඇමෙරිකන් ජනාධිපතිවරණය වෙනුවෙන් පැවැත්වෙන ප්‍රාන්ත මැතිවරණයකින්, පළමු ජය හිමි කර ගැනීමට, ඩිමොක්රටික් පාක්ෂික ජනාධිපති ජෝ බයිඩන් සමත් විය. 04 February 2024
නැමීබියා ජනාධිපති පිළිකාවකින් මියයයි අප්‍රිකාවට අයත් නැමීබියා රාජ්‍යයේ ජනාධිපති හේග් ගෙනිගොබ් අභාවප්‍රාප්ත වූ බව එරට රජය නිවේදනය කළේය. 82 හැවිරිදි හේග් ගෙනිගොබ් අභාවප්‍රාප්ත වූයේ පිළිකා රෝගී තත්ත්වයක් හේතුවෙනි. 04 February 2024
හොලිවුඩ් නළු කාල් වෙදර්ස් සමුගනී 80 දශකයේ තරගත වුණු, සිල්වෙස්ටර් ස්ටැලෝන් ප්‍රධාන චරිතය නිරූපණය කළ, රොකී චිත්‍රපට මාලාවේ, ඇපලෝ ක්‍රීඩ් බොක්සිං ශූරයාගේ චරිතයට පණ දුන් කාල් වෙදර්ස් දිවි ගමනට සමුදුන්නේය. ඔහුගේ වයස අවුරුදු 76 කි. 03 February 2024
බෙල්ජියමේ ගොවි විරෝධතා බෙල්ජියමේ අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යාම සහ ජීවන බර ඉහළ යාම සම්බන්ධයෙන්, ඊට විරෝධය පළ කරමින් එරට ගොවීහු මාර්ග අවහිර කර, ටයර් පුළුස්සා විරෝධතාවයක නියැලුණහ. 02 February 2024
කෙන්යාවේ පිපිරීමක් කෙන්යාවේ නයිරෝබි අගනුවර ගෑස් ප්‍රවාහනය කරමින් තිබුණු ට්‍රක් රථයක් ගිනිගෙන පුපුරා ගියේය. පිපිරුමත් සමඟ මහා ගිනි ජාලාවක් නිර්මාණය විය. 02 February 2024
බොලිවුඩ් නිළි පූනම් පාණ්ඩේ සමුගනී ඉන්දීය සුරූපී නිළි පූනම් පාන්ඩේ දිවියෙන් සමුගත්තාය. ඇය මියගියේ ගැබ්ගෙල පිළිකා රෝගී තත්ත්වය හේතුවෙනි. ඇගේ වයස අවුරුදු 32 කි. 02 February 2024
පාකිස්තාන ජාතික ගුවන් සේවය විකුණන්නයි යන්නේ ආර්ථික අර්බුදයකට මුහුණ දෙන පාකිස්තානය, එරට ජාතික ගුවන් සේවය විකුණා දැමීමට භාරකාර රජය සූදානම් වෙයි. 02 February 2024
පාකිස්තානය යළිත් චීනයෙන් ණය ඉල්ලයි පාකිස්තානය යළිත් වරක් චීනයෙන් ණය ඉල්ලා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. පාකිස්තානය දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දෙයි. ඒ, චීනයෙන් ණය ලබා ගැනීම සහ එම ණය පියවා ගැනීමට අපොහොසත් වූ බැවිනි. 02 February 2024
මෝදිගේ අවසන් අයවැය පාර්ලිමේන්තුවට මැයි මාසයේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට පෙර, අග්රාමාතක්ය නරේන්ද්‍ර මෝදි රජයේ අවසන් අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි. 02 February 2024
ඉරාන ඉලක්කවලට පහර දෙනවා සිරියාවේත් ඉරාකයේත් ඉරාන ඉලක්කවලට ප්‍රහාර එල්ල කිරීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇත. 02 February 2024
සාමයේ පාගමනේ තෙවැනි දිනය අදයි ‘එහිපස්සිකෝ‘ සාමයේ පා ගමනේ තෙවැනි දිනය අද (23) ඓතිහාසික මාතලේ අලුවිහාරයේ රජමහා විහාර පරිශ්‍රයෙන් ඇරඹිණි. අද දිනයේදී සාම පාගමන ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාලිගාව බලා පිටත්වේ.. 23 April 2026