
ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් සහ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේට්ස් අතරේ හමුවක් පැවැත්විණි. ඒ, කසක්ස්තානයේ අස්තානා අගනුවරදීය.
වාර්ෂිකව පැවැත්වෙන ෂැංග්හයි සහයෝගීතා සංවිධානයේ, 14 වැනි රාජ්‍ය නායක සමුළුව කසක්ස්තානයේ අස්තානා අගනුවර පැවැත් වෙයි. ඉන්දියාව එහි සාමාජිකයෙකි.
සමුළුවට ජගත් සංවිධාන රැසක් ද සහභාගී වන අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානය එහි ඉහළින්ම සිටී. එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා සමුළුවට සහභාගී වන්නේ ඒ අනුවය.
ගෝලීය අර්බුද සම්බන්ධයෙන් සහ එම අර්බුද සම්බන්ධයෙන් ඉන්දියාවේ ස්ථාවරය සම්බන්ධයෙන් ඉන්දීය විදේශ ඇමැතිවරයා සහ ජගත් මහ ලේකම්වරයා අතරේ සාකච්ඡා විය.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd