IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


’ලා පල්මා’ ගිනි කන්ද තවමත් පිපිරෙනවා

ස්පාඤ්ඤයට අයත් 'ලා පල්මා' දූපතේ 'කුම්බ්‍රේ වියේජා' ගිනි කන්ද තවමත් පිපිරෙමින් පවතින බවත්, මේ වනවිට ගිනි කන්දෙන් නිකුත් වන ලාවා හේතුවෙන් විනාශයට පත්වුණු නිවාස සහ ගොඩනැගිලි ගණන 800 කට වැඩි බවත් වාර්තා වේ.

ගිනි කන්ද පුපුරා යෑම ආරම්භ වූයේ මීට සති තුනකට පෙර පසුගිය සැප්තැම්බර් 19 වැනිදා ය. දූපතේ කෙසෙල් වගා බිම් හෙක්ටයාර් දහස් ගණනක් ලාවාවලටත් ගිනි ගැනීම්වලටත් හසුවී විනාශ වී ගොසිනි. ගිනි කන්ද පුපුරා යෑමත් සමඟ උන්හිටිතැන් අහිමිවූ ගණන 6,000 ක් බව දූපත් ආණ්ඩුකාරවරයා පවසා තිබේ.

ගිනි කන්දෙන් නිකුත්වන දුම්වලා කිලෝ මීටර් ගණනාවක් දුරට විසිරී පැතිරී ගොස් ඇති බවත්, දූපතට ඉහළින් ගුවන් ගමන් පවා නවතා දැමීමට පියවර ගෙන ඇති බවත් වාර්තා වේ. 'ලා පල්මා' දූපතේ ජනගහනය 83,000 කි.

(රොයිටර්)



අදහස් (0)

’ලා පල්මා’ ගිනි කන්ද තවමත් පිපිරෙනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 64 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 345 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site