IMG-LOGO

2025 නොවැම්බර් මස 25 වන අඟහරුවාදා


තවත් සටන් විරාමයක්

ඊශ්‍රායෙලය හා ගාසා තීරය අතර සටන් වලට මද විරාමයක් දෙමින් දින 3 ක සටන් විරාමයක් දැන් ක්‍රියාත්මකය.

ඊයේ (13) ගෙවුණු දෙවන දිනයේද කිසිදු ආකාරයක රොකට් ප්‍රහාර එල්ල කිරීමක් හෝ ගැටුම්කාරී තත්ත්වයක් වාර්තා නොවුනි.ගතවුණු දෙදින පුරාවට හමාස් සංවිධානය රොකට් ප්‍රහාර එල්ල නොකළ බව ඊශ්‍රායෙල බළධාරීන්ද සහතික කරයි.

හමාස් සංවිධානයද පවසා සිටින්නේ ඊශ්‍රායෙලයෙන්ද ප්‍රහාර එල්ල නොවූ බවයි.

රොකට් පතිත නොවනා,ගොඩනැගිලි සුණු විසුුනු නොවනා වාතාවරණයක ගාසා තීරයේ වැසියෝ නැවත වරක් සාමාන්‍ය ජන ජීවිතයක් ගත කිරීමට උත්සාහ කරමින් සිටිනු දැක ගත හැකිවිය.

ගාසා වෙරළ තීරය දරුවන්ගෙන් පිරී තිබුණි.එකම පවුලේ දරුවන් සිව් දෙනෙක් ඊශ්‍රායෙල ෂෙල් ප්‍රහාරයකට හසුව මිීට සති 2 කට පමණ පෙර මියගියේද මේ වෙරළ තීරයේදීමය.

කුඩා දරුවන්ගේ හැසිරීම කොහෙත් එකය.ගතවුණු අදුරු කාලය අමතක කිරීමටදෝ ඔවුන් ප්‍රීතියෙන් වෙරළේ සෙල්ලම් කළහ.

ගාසා තීරයේ ජනතාවද දෛනික ක්‍රියාකාරකම් වල යෙදෙනු දැක ගත හැකිවිය.

ගතවුණු කාලය පුරාවට නිසි පරිදි කැළිකසළ බැහැර කිරීමක් සිදුනොවූ හෙයින් ගාසා තීරයේ තැන් තැන්වල කසළ කදු ගොඩනැගී ඇත.මෙනිසා මුලූ ගාසා තීරයම දුර්ගන්ධයෙන් පිරී පවතී.

එක්සත් ජාතීන්ගේ සහන සේවා ඒජන්සිය මැදිහත්වී ගාසා තීරයේ වැසියන්ට ජලය හා වෙනත් පහසුකම් සැපැයීම සිදුකරමින් සිටී.එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉංජිනේරුවන් කැඳවා විනාශ වී ඇති ගොඩනැගිලි පිළිසකර කිරීමේ වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක කිරීමට නියමිතය.

ප්‍රහාර වලින් නිවාස හා ගොඩනැගිලි ලක්ෂයක් පමණ සම්පූර්ණයෙන්ම විනාශව ගොස් ඇත.

මියගොස් ඇති සිවිල් වැසියන්ගේ සංඛ්‍යාවද දෙදහසකට ආසන්න අතර තවත් මළ සිරුරු සුන්බුන් අතර සිරවී පැවතීමටද ඉඩ ඇති හෙයින් එම ගණන තවත් ඉහළ යා හැකියැයි පැවසේ.

ඊශ්‍රායෙලය හා හමාස් සටන්කාමිීන් අතර ස්ථීරසාර සාමයක් ඇතිකිරීමට සාකච්ඡා මේ වන විට ඊජිප්තුවේ සිදුවෙමින් පවතී.

සාකච්ඡා වලදී හමාස් පාර්ශවය ඊශ්‍රායෙලය ගාසා තීරය වටා පිහිටුවා ඇති ආරක්ෂක වළල්ල ඉවත් කර ගත යුතුව ඇතැයිද,ගුවන්තොටුපලක් හා මුහුදු තීරය භාවිතා කිරීමට අවසරය ලබා දිය යුතුයැයිද,ගාසා තීරයට අයත් මුහුදු තීරයේ ප්‍රමාණය සැතපුම් 12 ක් දක්වා වැඩි කළ යුතුව ඇතියැයිද,පලස්තීනයෙන් ගාසා තීරයට ලැඛෙන ආධාර සෘජුව ඔවුන් අතට ලැබීමේ ක්‍රමයක් ඇතිකළ යුතුව ඇතියැයිද, ආදී ලෙස ඉල්ලීම් රැසක් ඊශ්‍රායෙලය හමුවේ තබා ඇති බව සදහන්ය.

ඊශ්‍රායෙලය හමාස් සංවිධානයේ ඇතැම් ඉල්ලීම් වලට එකගතාවය පළ කර ඇතත් අනවශ්‍ය පරිදි ඔවුන්ට නිදහස ලබාදීම යනු අවි ජාවාරම් හා අවි නිශ්පාදන කටයුතු වල යෙදීමට ඉඩ සළසා දීම යැයි පවසමින් ආරක්ෂක වළල්ල ඉවත් කිරීමට,මුහුදු තීරයේ ප්‍රමාණය විශාල කිරීමට ආදී හමාස් සංවිධානයේ ප්‍රධාන ඉල්ලීම් වලට විරෝධය පළ කර ඇත.

දෙපාර්ශවය අතර ඇති පරතරය ඉතා විශාල වන නිසාත් ඒ හිඩැස සම්පූර්ණයෙන්ම පිරැවිය හැකි බවක් නොපෙනෙන නිසාත් සාකච්ඡා කෙසේ අවසාන වේදැයි තවමත් ප්‍රකාශක් කළ නොහැකි බව ඊජිප්තු ආරංචි මාර්ග පවසයි.

මින් පෙර අවස්ථාවකදී ඊජිප්තුවම මැදිහත්වී දින 3 ක සටන් විරාමයක් ප්‍රකාශයට පත්කරවීමට දෙපාර්ශවය එකග කරවාගත් නමුත් එය ඉක්මනින්ම බිඳ වැටුණි.

මේ අවස්ථාවේ ඔවුන් යම් තරමකට සාර්ථක වී ඇති බවක් පෙනේ.

මෙවර ගාසා සටන් ඇතිවූයේ ගතවුණු වසර 6 ඇතුළත 3 වැනි වතාවටයි. ගැටුම් වල ආරම්භය වූයේ පසුගිය ජූනි මාසයේ බටහිර ඉවුරේදී ඊශ්‍රායෙල තරුණයින් තිදෙනෙකුගේ අතුරුදන් වීමයි.

හමාස් සංවිධානය මෙයට සම්බන්ධ යැයි චෝදනා කළ ඊශ්‍රායෙලය පහර දීම ඇරඹිීය. ප්‍රතිප්‍රහාර ලෙස රොකට් ප්‍රහාර එල්ල කරන්නට ගත් හමාස් සංවිධානයට එරෙහිව ගුවන් ප්‍රහාර එල්ල කරන්නට ගත් ඊශ්‍රායෙලය අවසානයේ පාබල සේනාංකද යොදාගනිමින් දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළේය.

ප්‍රහාරයෙන් ගාසා තීරයේ සිට ඊශ්‍රායෙලය දක්වා හමාස් සටන්කාමිීන් කැණ තිබූ උමං ජාලයේ සැළැකිය යුතු කොටසක් විනාශ කර දැමූ බවත්,සටන්කාමිීන්ගේ රොකට් අවි විශාල ප්‍රමාණයක්ද විනාශ කර දැමූ බවත් ඊශ්‍රායෙලය පවසයි.

නැවත සටන් ඇති නොවී දෙපාර්ශවය එකගතාවයකට පැමිණ ස්ථීරසාර සාමයක් ඇතිවේවායි යන්න සාමයට හිතැති ලෝවැසි සියලූදෙනාගේ පැතුමයි.



අදහස් (0)

තවත් සටන් විරාමයක්

රෝහණ සාන්ත කුමාර Thursday, 14 August 2014 10:00 AM

සියලු දෙනාටම සාමයේ බලෙන් ජීවත් වීමේ බලය ලැබේවා කියා මම එක හිතින් ප්‍රාර්ථනා කරමි. ඔබ සියලු දෙනාටම දෙවි පිහිටයි . (දී)

:       0       0

නලින් යහම්පත් Thursday, 14 August 2014 06:36 PM

මෙම පලස්තීනය සහ ඊශ්‍රායලය අතර සතියකට කිහිප වරක් සටන් විරාම තිබෙනවා. එහෙත් දිනපතා දෙපැත්තෙන්ම ඒවා කඩනවා. (නි)

:       0       0

අකිල Friday, 15 August 2014 09:05 AM

නිදාගෙන ඉන්න සිංහයන්ව අවදි කරපුවහම මෙහෙම දේවල් වෙනවා නේ. ඊශ්‍රායලයට පාඩුවේ ඉන්න දුන්නා නම් මේ මුකුත් නැහැ (නදී)

:       0       0

සිල්වා Friday, 15 August 2014 02:01 PM

අවි ගත්තෝ අවියෙන්ම නසිති! බුදු දහමේ මෙවන් වදන් අදට හොඳට ගැළපේ. මෙයට විසඳුම වෙන්නේ දෙගොල්ලන්ම අවි බිම තබා සමගියෙන් වැඩ කිරීමයි. එහෙම නොවුණොත් දෙගොල්ලන්ම විනාශය කරා ගමන් කරනවා.(නි)

:       0       0

කුමාරි Wednesday, 13 August 2014 08:25 PM

වෛරයෙන් වෛරය නොසන්සි‍ඳෙන බව සියලු ලෝකවාසීන්ට අවබෝධ වේවා!යුද ගිනි දැල් නිවේවා!සියලු දෙනා සියලු දෙනාගේම සැප කැමැත්තෝ වෙත්වා!සාමය සමගිය මුළු ලොව තුළ පැතිරේවා! (නි)

:       0       0

චන්දන Friday, 15 August 2014 03:48 PM

ඉක්මණින් සාමය උදාවේවා! (නි)

:       0       0

සලීත් Thursday, 14 August 2014 02:50 AM

නැවත සටන් ඇති නොවී දෙපාර්ශවය එකගතාවයකට පැමිණ ස්ථීරසාර සාමයක් ඇතිවේවා (නදී)

:       0       0

රෝහණ සාන්ත කුමාර. Thursday, 14 August 2014 09:43 AM

සටන් විරාමයට මගෙන් උණුසුම් සුබ පැතුම්. ගෝඩ් බ්ලේස් සියලු දෙනාටම. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 106 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 194 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1057 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site