ඉන්දියාවේ කෝටිපති රෙදි පිළි ව්‍යාපාරික පන්කාජ් පරාක් සිය 45 වැනි උපන් දිනය සැමැරුවේ තනි රත්තරනින් නිර්මාණය කරන ලද කිලෝ හතරක් බරැති කමිසයකින් සැරසෙමිනි.
පන්කාජ් පරාක් මූලික අධ්‍යාපනය ලැබුවත් කිසිදු විභාගයක් සමත් වූයේ නැත. එහෙයින් ඔහුට උසස් අධ්‍යාපනයට වරම් නොලැබුණි. ස්වෝත්සාහයෙන් නැගී සිටිමින් පන්කාජ් පරාක්, සුළුවෙන් ආරම්භ කළ රෙදි පිළි ව්‍යාපාරය අද ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ රෙදි පිළි සමාගමක් බවට පත් වී ඇති අතර, කෝටි ගණනින් ලාබ ලබයි.
තමාටත් තම ව්‍යාපාරයටත් ජාත්‍යන්තර ප්‍රසිද්ධියක් ලබා ගැනීමේ ද අරමුණින්, තමා උපන්දිනය දා රනින් තැනූ කමිසයක් ඇඳීමට තීරණය කළේ යැයි පන්කාජ් පරාක් මාධ්‍ය හමුවේ කියා සිටියේය. කෙසේ නමුත් උපන්දිනය දා ඔහු එහෙමෙහෙ ගියේ හැඩිදැඩි ආරක්ෂක නිලධාරීන් කිහිප දෙනකු ද පිරිවරා ගනිමිනි.


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.