IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


එබෝලා එන්නත් දස ලක්ෂයක්

ලබන වසර අගභාගය වන විට එබොලා රෝගයට ප්‍රතිකාර කිරීම සඳහා එන්නත් මිලියනයක් නිපදවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටි.

එහි සඳහන් වන්නේ 2015 පළමු මාස 6 තුලදී එන්නත් දහස් ගණනක් නිපදවා අවසන් කරණ බවයි.

බටහිර අප්‍රිකාවේ සේවය කරණු ලබන සෞඛ්‍ය සේවකයනට මෙම එන්නත් 2014 දෙසැම්බර් මාසයේ සිට හැකි ඉක්මනින් ලබාදෙන බව ද එම සංවිධානය පවසා තිබේ. එම එන්නත එබෝලා වසංගතය මුලිනුපුටා දැමීමට හැකි මැජික් උන්ඩයක් නොවන බව වෛද්‍යවරු කියති.

එබෝලා සඳහා ස්ථිර වු ප්‍රතිකාරයක් මෙතෙක් සොයාගෙන නැත. මෑත ඉතිහාසයේ එබෝලා විශාල ලෙස වසංගතයක් ආකාරයට පැතිරයාම හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය එන්නත් දියුණු කිරීමේ කටයුතු කඩිනම් කරන ලදී.

එන්නත නිෂ්පාදනය සඳහා සාමාන්‍යයෙන්  වසරක් ගතවන නමුත් ඖෂධ නිෂ්පාදන කරන්නන් එහි නිෂ්පාදන කාලය කෙටි කර ඇත. පරික්ෂණාත්මක තත්වයේ එන්නත් ග්ලැක්සෝ ස්මිත්ක්ලයින් සහ කැනඩාවේ පබ්ලික් හෙල්ත් ඒජන්සි මගින් නිපදවා ඇත. ඒ එන්නත් දැනටමත් ආරක්ෂාකාරි අත්හැදා බැලීමේ කටයුතු කර තිබේ. එබෝලා රෝගීන්ට එන්නත කොතරම් මාත්‍රාවක්

ජීඑස්කේ එන්නත එක්සත් රාජධානියේ සහ ඇමරිකානු පර්යේෂණ ආයතනයේ පරික්ෂාවට බදුන් කර ඇති අතර කැනෙඩියානු වැක්සීනය ඇමරිකාවේ වැඩිදුර අත්හදාබැලිමේ කටයුතු වලින් පසු යුරෝපයේ සහ අප්‍රිකාවේ සිදුකිරීමට නියමිතය. මේ එන්නතේ බලපෑම සහ රෝගය මර්ධනය කිරීමට එන්නතේ කොතරම් වූ මාත්‍රාවක් අවශ්‍යවන්නේ ද යන්න නිශ්චය කිරීමට සිදුවන්නේ අත්හදාබැලීමෙන් පසුව යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

එහි සහකාර අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය මාරි පවුලි කෙනී පවසන්නේ ‘‘එබෝලා ඖෂධය ලබාදීමෙන් අපි අති විශාල ප්‍රතිචාරයක් බලාපොරොත්තු වෙනවා. එය වසංගත තත්වයට විශාල ලෙස බලපෑමක් ඇති කරාවි කියල හිතනවා,  එන්නත් මගින් සාර්ථක ප්‍රතිඵල පෙන්වනු ලැබුවහොත් මහා පරිමාණයෙන් හැකි තරම් එන්නත් නිපදවිමට පියවර ගන්නවා.“ යනුවෙනි.



අදහස් (0)

එබෝලා එන්නත් දස ලක්ෂයක්

ඉසුරන්දි Sunday, 26 October 2014 04:26 AM

දෙසැම්බර් වෙන්න තව දවස් කියක් තියෙනවද? ඒ වෙද්දී කි දෙනෙක් මැරිලා කි දෙනෙක් ඔය ලෙඩේට ගොදුරු වෙයිද. හැකි ඉක්මනට ඕවා එළිදක්වනවා නම් වෙන්න තියෙන විනාශ අවම කරගන්න පුළුවන් වේවි. (නදී)

:       0       0

ජයත් Monday, 27 October 2014 10:47 AM

ඉසුරන්දි ඔයාට තියන හදිසියට "ආප්ප බානවා වගේ " එන්නත් හදල ඒවා මිනිස්සුන්ට දෙන්න බැහැ ළමයෝ තේරුනාද ? පමා වෙලා හරි මේක එන එක ගැන සතුටු වෙමු (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 863 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 970 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 392 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site