ඇමරිකා ජනපති බැරක් ඔබාමා ලබන මාසයේ කියුබාවේ සංචාරයක නිරතවීමට සූදානමින් සිටින බව විදෙස් පුවත් සේවා කියයි.
ඒ අනුව වසර 88කට පසු එරට සංචාරයක නිරතවන පළමු ඇමරිකා ජනපතිවරයා ලෙස ඔබාමා ඉතිහාසගත වනු ඇති බව ඔවුහු කියති.
මෙම සංචාරය සැලසුම් කර ඇති බව ධවල මන්දිරය අද (18) පළමුවරට මාධ්‍යයට පවසා ඇතැයි ඒබීසී පුවත් සේවය පවසයි. ලතින් ඇමරිකාවේ දීර්ඝ සංචාරයේ එක් කොටසක් ලෙස කියුබා සංචාරය යොදාගෙන ඇතැයි ජනපති ඔබාමාගේ රජයේ ප්‍රධානියෙක් ප්‍රකාශ කළේය.
ඔබාමා සහ කියුබා ජනපති රාවුල් කැස්ත්‍රෝ 2014 වසරේ අවසන් භාගයේ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ අඩ සියවසකට ආසන්න කාලයක් පැවැති සීතල යුද්ධයේ ප්‍රතිවාදීන් අතර සම්බන්ධය සාමාන්‍යකරණය විය යුතු බවයි.
2025 ඔක්තෝබර් මස 08
1346
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1260
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
460
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ්‍රී ලංකා ඉන්ෂුවරන
ඔබාමා කියුබාවේ සංචාරයකට සැරසෙයි
සුකිරි Thursday, 18 February 2016 05:39 AM
කොමියුනිස්ට් වාදයෙන් ලොවට උන සෙතක් නැත. උනේ දානපති පැලැන්තිය වෙනුවට උග්‍ර නිලදාරී වාදී පැලැන්තියක් නිර්මාණය වීම පමණි. කොම්යුනිස්ට් වාදී හැම රටකමත් ඒවා පස්සේ ගිය ලංකාව වැනි රටවල්ද නන්නත්තාර වීම පමණි. ඇමරිකාව පස්සේ ගිය දකුණු කොරියාව, සින්ගපුරුව, ජපානේ, ඉන්දියාව ලොව නැගිටලා ඇත. (ර)
රසික Thursday, 18 February 2016 06:46 PM
තිලක් මහතා හරි. ඕක තේරුම්ගන්න කට්ටියට පුළුවන් වුණොත් හොඳයි. (නි)
තිලක් Thursday, 18 February 2016 02:36 PM
හැබයි ඇමරිකාව දෙන හැම ගුලියක්ම ගිලින්න ගියොත් වෙන්නේ ලොකු අමාරුවක් ඒ හින්දා කල්පනාවෙන් වැඩකරන්න ඕනි ඇමරිකාව කියන්නේ උඩින් ඔලුව අතගාල යටින් වෙට්ටු දාන එක දැන් පෙන්නේ නැද්ද මැදපෙරදිගට දීල තියෙන තොප්පිය. (බ)