බංගලාදේශයේ දකුණු දිග බෝලා දිස්ත්‍රික්කයේ පිරිසක් සහ පොලිසිය අතර මුහුණු පොතේ පළ කරන ලද පුවතක් සම්බන්ධව ඇතිවූ ගැටුමක් හේතුවෙන් හතරදෙනකු මියගොස් 50 ක් පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
පුවත මගින් තමන්ගේ ශාස්තෘවරයා වන මොහම්මද්තුමා අවමානයට ලක්වන බව පවසමින් මෙම පිරිස කලහකාරී ලෙස හැසිරී ඇත.
සිද්ධිය පාලනය කිරීම සඳහා අමතර භට පිරිස් බෝලා වෙත කැඳවා ඇතැයි ද සඳහන් වේ.
කලහකාරී ලෙස හැසිරුණු පිරිස පොලිසිය වෙත ගල් ප්‍රහාර එල්ල කර ඇති අතර පොලිසිය පවසන්නේ ඔවුන් හිස් උණ්ඩ භාවිතා කළ බවයි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd