සිරියානු තුර්කි දේශසිමාවට යාබද තුර්කියේ රෙහාන්ලී නමැති නගරයේ පෙරේදා (11) අධි බලැති කාර් බෝම්බ දෙකක් පුපුරා යෑමෙන් 40 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 140 කි.
රෙහාන්ලී නගරය පිහිටා ඇත්තේ දකුණු දිග තුර්කියේ හටේයි නමැති පළාතේය. තුර්කි ආරක්ෂක අංශ නිවේදනය කළේ පළමු බෝම්බය පිපිරී විනාඩි 15 ක් යද්දී දෙවැනි බෝම්බය පුපුරා ගිය බවය.
තුවාල ලැබූවන්ගෙන් 29 දෙනකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි. බෝම්බ පිපිරීමෙන් ගොඩනැගිලි සහ නිවාස කිහිපයක් මුළුමනින්ම බිමට සමතලා වී ගියේය.
එය තුර්කි ‘ත‍්‍රස්තවාදීන්ගේ’ කි‍්‍රයාවක් නමුත් සිරියානු රජය සහ බුද්ධි අංශය ඒ පසුපස සිටිනවා යැයි තුර්කි රජය චෝදනා කරයි. කලක් සිරියානු ජනපති බෂීර් අල් අසාද්ගේ සමීපතම මිතුරා වූ තුර්කිය සිරියානු කැරැල්ල ඇරැඹි අවස්ථාවේ සිට සහාය දෙන්නේ කැරැුලිකාර පාර්ශ්වයටය. එම හේතුව නිසා තුර්කියත් සිරියානු රජයේ සතුරකු විය.
පෙරේදා සිදුවුණු එම බෝම්බ පිපිරීම හේතුවෙන් සිරියානු අර්බුදයට තුර්කිය සෘජුව මැදිහත් වීමේ අවදානමක් පවතී. තුර්කිය නේටෝ සාමාජිකයෙකි. නේටෝ සාමාජික රටකට සතුරු ප‍්‍රහාරයක් එල්ල වුවහොත් සෙසු සාමාජික රටවල් ද එම රට ආරක්ෂා කර ගැනීමට සටන් කිරීමට බැඳී සිටී.
දැනටමත් නේටෝවේ ප‍්‍රබල සාමාජිකයන් වන ඇමෙරිකාව, බි‍්‍රතාන්‍යය සහ ප‍්‍රංශය චෝදනා කරන්නේ සිරියානු රජය රසායනික අවි යොදා ගනිමින් කැරැලිකරුවන්ට පහර දෙන බවත් එයින් සිවිල් වැසියන් මියයන බවත්ය.
මේ අතර ඇමෙරිකාවේ මිතුරා වන ඊශ‍්‍රායලය ද සිරියාවට පහර දීම ආරම්භ කර ඇත. පසුගිය 4 වැනිදා සිරියාවේ ඩමැස්කස් අගනුවර ඇතුළු තවත් නගර කිහිපයකට ඊශ‍්‍රායල ගුවන් හමුදාව ප‍්‍රහාර එල්ල කළේය. මීට මාස 4 කට පෙර ද ඊශ‍්‍රායලය සිරියාවේ ආයුධ ගබඩාවකට පහර දී විනාශ කළේය.
ඊශ‍්‍රායලය චෝදනා කරන්නේ සිරියා රජයේ මිතුරා වන ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට ආයුධ දීමට බලයෙන් ඉවත් වීම ප‍්‍රතික්ෂේප කරන සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද්ගේ රජය කටයුතු කරන බවත් එය නැවැත්වීමේ අරමුණින් තමන් සිරියාවේ ආයුධ ගබඩා කීපයකට පහර දුන් බවත්ය.
හිස්බුල්ලා සංවිධානයට අයත් වන්නෝ ෂියා මුස්ලිම් සටන්කාමීහුය. හිස්බුල්ලා සංවිධානය ඊශ‍්‍රායලයේ පරම සතුරා වන ඉරානයේ ද සමීප මිතුරෙකි. සිරියා රජය පෙරළා දැමීමට ආයුධ අතට ගෙන සිටින කැරැුලිකරුවන්ට එරෙහිව සිරියා රජයට සහාය දෙන්නේ හිස්බුල්ලා සටන්කාමීන්ය.
|
COMMENTS
රානි හරි, ඔය ජාතියෙම හැටි තමයි.(නදී)
නිසාර්,රැවුල වවාගෙන ගෑනු පහක් එක්ක පවුල් කන එක නෙමෙයි බුද්ධ ධර්මය කියන්නේ.මුළු මහත් ලෝකයම දුකක් බව බුද්ධිමතුන් දන්නවා.දුකට හේතුව ඉපදීම,ඉපදීමට හේතුව තන්හාව.තන්හාව කියන්නේ තමන්ගේ කියා යම් යම් වස්තු රැස් කිරීම.වස්තු සෙවීමට වෙහෙසෙන්න ඕනෑ.අන්න එතන දුකක්.එකෙන් මිදෙන මාර්ගයේ යන සංග රත්නයට තමන්ගේ කියා කිසිවක් නැහැ.තමන් අඳින සිව්ර පවා ආහාර පවා තමන්ගේ නෙමෙයි.එකයි වෙනස.රැවුල වවල සැනසීමක් ලබන්න බැහැ කවදාවත්.එකෙන් වෙන්නේ උකුණෝ බෝවෙන එකයි. (නි)
මෙයාලා අපේ රටේ තව වැඩි වුණහම මේ වගේ පිළිකාවක් තමා (නි)
සඳරුවන්, බහු විවාහ ගැන කතාකරන ඔයා, එක ගෙයි කෑම ගැනත් කතා කරන්නකෝ (නි)
නිසාර්,එක ගෙයි කෑමක් ගැන බුද්ධ ධර්මයේ නැහැ.බුදුරජාණන් වහන්සේ දේශනා කළා ආනන්දය,මාගේ අවබෝධඥානය අර වනාන්තරයේ ගස් වල කොළ හා සමානයි.මම දේහනා කළේ නිර්වාන අවබෝධයට අවශ්‍ය දේ පමණයි. එසේ කියා ශ්‍රී හස්තයට කොළ මිටක් ගෙන ආනන්ද මහා රහතන් වහන්සේට පෙන්නුවා.මිනිය වලලන්නේ කොහොමදැයි ඉපදිච්ච අය නාවන්නේ කොහොමද කියන ඒවා බුද්ධ ධර්මයේ නැහැ.ඒකයි ධර්මයේ මුල මැද අග යහපත් කියන්නේ. (නි)
එකට අපේ ලංකාවේ නම් කවදාවත් බෝම්බ පිපිරිලා නෑ. (ස)
නිසාර්,ලංකාව හොඳ නැත්තම් වහාම යන්න සෞදි අරාබියාවට.එහෙ මාර සතුටු වැඩ තියෙනවා. මිනිස්සු ගවුම් ඇඳගෙන,රැවුල් වවාගෙන, ඔලුවේ රෙදි ඔතාගෙන ඒවාට උඩින් වළලු දාලා,ගැනුන්ගේ ඇස් දෙකත් එක්ක වහලා අව්වේ යනකොට මාර සැපයි. ඔයාල අපිටත් කරුමයක්. ඕස්ට්‍රේලියානු අගමැතිනි කිව්වේ ෂරියා නීතිය අවශ්‍ය සියලු දෙනා වහාම රටෙන් පිට වෙන්න කියලා.අන්න නායකයෝ. (නි)
මේ මිනිස් සන්හාරේ එක ඒකාධිපතියෙක් බලයෙන් ඉවත් වෙන්න ප්‍රතික්ෂේප කරන නිසා නේද? බලන්න එක මිනිහෙක් නිසා කී දෙනක් මැරෙනවද. අවුරුදු 40 හිටියා මදිද. තමන්ගේ රටේ මිනිස්සුන්ට තමන් එපා කියනවා නම් ඔවුන් මරා දමමින් පවු පුරවාගන්න ලස්සන. (නි)
ලංකාව,හොඳ නැති අය වහාම රටෙන් පිටවෙන්න. අන්තවාදීන්ගෙන් රට පිරිසිදු කර ගන්න ලේසියි එතකොට. (ස)
සමහර ආගම් වල අයට විවාහ වෙන්නම තහනම්. කැමති ඇඳුමක් අඳින්න බැහැ. එකම පාට තමා අඳින්න ඕනෑ. හිතිච්ච වෙලාවට කන්න බැහැ. හිඟා කාල තමය් කන්න ඕනෑ. දරුපවුල් නෑයන් මොනවත් නැහැ. මේවා අන්ත වාදය නෙමෙයිද? ඒ වුනාට කියන්නේ මොකද්ද, අපේ ආගමේ අනිවාර්ය දේවල් නැහැ, කැමති පිළිපදින්න වගේ දේවල්. (නි)