රටේ සිල්ලර වෙළෙඳාම, අන්තර් ජාතික සමාගම්වලට විවෘත කිරීමට ඉන්දීය රජය ගත් තීරණයට එරෙහිව එරට ප‍්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන භාරතීය ජනතා පක්ෂය ඊයේ (1) නවදිල්ලි අගනුවර විරෝධතා පෙළපාළි පැවැත්විය. ඇමෙරිකන් ඩොලර් බිලියන 450 ක වටිනාකමකින් යුත් ඉන්දීය සිල්ලර වෙළෙඳාමට පිවිසීමට ජාත්‍යන්තර සුපිරි සමාගම්වවලට ඉන්දීය රජය අවසර දුන්නේ ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී පනත් කෙටුම්පතක් සම්මත කර ගැනීමෙන් පසුවය. පාර්ලිමේන්තුවේ දී සම්මත කෙරුණු නව පනතට එරෙහිව පෙරේදා (30) භාරතීය ජනතා පක්ෂයෙන් විරෝධයක් එල්ල වූ අතර පාර්ලිමේන්තුවේ කටයුතුවලට ද එයින් බාධා ඇති විය. විපක්ෂයේ විරෝධය නොතකා එම පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට ඉන්දීය රජය පියවර ගත්තේය.
1
බලශක්ති ඇමති අයින් කරන්නේ නැහැ - මාලිමාවේ මහලේකම් කියයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd