IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඊජිප්තු නව ජනපති චීනයේ සංචාරයක

ද්වී පාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින් ඊජිප්තු නව ජනාධිපති මොහොමඞ් මොර්සි ඊයේ (28) තෙදින නිල සංචාරයක් සඳහා චීනයට පැමිණියේය. ජනපති ධුරයට පත්වීමෙන් පසු මොර්සි විදෙස් සංචාරයකට එක් වූ පළමු අවස්ථාව මෙයයි. බීජිං නුවරට පැමිණි ඊජිප්තු ජනපතිවරයා ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබුවේ චීන අගමැති වෙන් ජියාබෝ විසිනි. අගමැති මොර්සි සමඟ ඊජිප්තු ඇමැතිවරුන් කිහිප දෙනකු මෙන්ම ව්‍යාපාර ප‍්‍රධානීහු ද මෙම සංචාරයට එක් වූහ. ඊජිප්තුව සහ චීනය අතර වෙළෙඳ ගිවිසුම් හතකට අත්සන් තැබිණි. විදුලි බල නිෂ්පාදන, අන්තර්ජාල සේවා මෙන්ම ඊජිප්තුවේ ලූණු කර්මාන්තය නගා සිටුවීමට චීනයේ සහාය ලබා ගැනීමට ඊජිප්තු රජය බලාපොරොත්තු වෙයි. හොස්නි මුබාරක්ගේ පාලනය අවසන් වීමෙන් පසු පැවැති නිදහස් මැතිවරණයෙන් ජයගත් මුස්ලිම් සහෝදරත්වය පක්ෂයේ නායක මොර්සි ජනපති ධුරයට පත් වූයේ ඉකුත් ජූනි මාසයේදීය. හොස්නි මුබාරක් පාලනය අවසන් කිරීමට ජනතා විරෝධය ඉස්මතු වූ අවස්ථාවේ සිට ඊජිප්තුවේ ආර්ථිකය දරුණු ලෙස කඩා වැටීමකට ලක් විය. කඩා වැටුණු එම ආර්ථිකට නව පණක් දෙමින් විදේශීය ආයෝජන ආරක්ෂා කර ගැනීමේ අරමුණින් ජනපති මොර්සි මෙම චීන සංචාරයට එක් විය. හොස්නි මුබාරක් ජනපති ධුරයේ සිටිද්දී ඇමෙරිකාවට දැක්වූ පක්ෂපාතීත්වය නිසා ඇමෙරිකාවෙන් ඊජිප්තුවට වසරකට ඇමෙරිකන් ඩොලර් බිලියන 3.5 ක මුදලක් හිමිවෙයි. නව රජයක් බලයට පත් වුව ද එය තවදුරටත් කි‍්‍රයාත්මකය. කෙසේ නමුත් එම මුදලින් වැඩි කොටසක් යෙදවෙන්නේ ඊජිප්තුවේ හමුදාවටය. චීන සංචාරය අවසන් වීමෙන් පසු ජනපති මොර්සි, ඉරානයේ පැවැත්වෙන නොබැඳි ජාතීන්ගේ සමුළුවට සහභාගී වීමට නියමිතය. ඒ අනුව ඊජිප්තු ජනපතිවරයකු ඉරාන සංචාරයකට එක් වනු ඇත්තේ වසර 30 කට පසුවය. තෙදින නිල සංචාරයක් සඳහා චීනයට පැමිණි ඊජිප්තු ජනපති මොහොමඞ් මොර්සි (දකුණේ) චීන ජනපති හු ජින්තා ඕ (වමේ) සමඟ හමුදා ආචාර පෙළපාළිය  නිරීක්ෂණය කළ අවස්ථාව



අදහස් (0)

ඊජිප්තු නව ජනපති චීනයේ සංචාරයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 58 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 722 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 343 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site