තම වෘත්තියෙන් ආතතිය ඇතිවන්නේ නම් වයසට යාමේ දී කෙටි කාලීන මතකය ඉක්මණින් හානි වීමට එය හේතුවක් වනබව විද්‍යාඥයෝ කියති.
ලෝවා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් කරන ලද අධ්‍යයනයකින් මේ බව අනාවරණය වී තිබේ.
සිරුරේ ස්වාභාවිකව ඇතිවන හෝමෝනයක් වන කෝටසෝල් පුද්ගලයා ආතතියෙන් පෙලෙන විට ඉහළ යයි. මේ හෝමෝන මතක ශක්තියේ අඩුවීමට බලපාන බව පර්යේෂකයන් පවසයි.
කෙටි කාලීනව කෝටසෝල් මට්ටම ඉහළ යාම ජීවත්වී ම සඳහා අශ්‍යවේ. මෙම හෝර්මොනය මගින් පුද්ගලයන්ගේ ජීවිත අභියෝග වලට සාර්ථකව මුහුණ දීමට එනම් සිහිබුද්ධියෙන් පියවර තැබීමට උදව් කරයි.
දීර්ඝකාලිනව ආතතියෙන් පෙලෙන විට අසාමාන්‍ය ලෙස කෝටසෝල් මට්ටම ඉහළ යාම හේතුවෙන් දිරවීමේ සංකූලතා, අවුල් සහගත බව, ශරීර බරේ වෙනස්කම් සහ අධි රුධිර පීඩනය පෙන්නුම් කරණ බව මෙම අධ්‍යනය මගින් පෙන්වා දී ඇත.
ලෝවා විශ්ව විද්‍යාලයේ මනෝවිද්‍යාව පිලිබඳ සහාය මහාචාර්ය ජේසන් රැඩ්ලේ පවසන්නේ ආතති හෝමෝනයන් මොලයේ ක්ෂයවීම පිලිබඳ එක් යාන්ත්‍රණයක් බවයි.
එනම් වෙරළේ ඇති ගල්පර්වතයක් මෙන් වසර ගණනාවකින් පසු අවසානයේදී කොටස් වලට කැඩී නොපෙනී යන බවයි.
කෝටසෝල් මට්ටම ඉහළ යාම හේතුවෙන් මස්තිෂ්ක බාහිකය එනම් මොලයේ කෙටි කාලීන මතකය ඇති කරණ ප්‍රදේශය ක්‍රමක්‍රමයෙන් හානියට පත්වේ.
ලෝවා විශ්ව විද්‍යාලය පෙන්වාදෙන්නේ මීට කලින් කරණ ලද පර්යේෂණ මගින් කෝටසෝල් මගින් මෙවැනි සමාන බලපෑම් මොලයේ අනෙක් කලාප වලට ද සිදුකරන බව දක්වා ඇතිමුත් මස්තිෂ්ක බාහිකයට කෝටසෝල් මගින් වන බලපෑම පළමු කොටම පෙන්වාදී ඇත්තේ මෙම අධ්‍යයනය මගින් බවයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
රැකියාව මතකය අඩු කරයි ?
රසික Wednesday, 25 June 2014 03:20 PM
ඒක නම් සහතික ඇත්ත (දී)
සමන් Friday, 27 June 2014 10:16 AM
ඔව් ඒක ඇත්ත (නදී)
අචලා Thursday, 26 June 2014 11:37 AM
ඒ කතාව ඇත්ත, එත් වෙන කරන්න දේකුත් නෑ, රැකියාවක් කරන්නේ ජීවත් වෙන්න, රැකියාවක් කරන කොට අපේ නීරෝගී කම අපට නැති වෙලා, නීරෝගිකම රැක ගන්න විසදුමක් තිබුනානම්. (ස)
හේමන්ත Wednesday, 25 June 2014 12:48 PM
ඇත්ත තමයි.ආතතිය වැඩි වුණහම ගොඩක් දේවල් අමතක වෙනවා. (නි)
රසික Wednesday, 25 June 2014 02:18 PM
පෙන්වා දුන්නාට ගොඩක් ස්තූතියි (නි)
අර්ජුන් Sunday, 29 June 2014 05:05 AM
තමන් කවුද කියලත් අමතක වෙනවා (දී)
ග්‍රාම්‍යා Wednesday, 25 June 2014 07:09 AM
එ්ක හරියටම හරි. දැන් බලන්න පාර්ලිමේන්තුවේ මන්ත්‍රීගොල්ලන්ට වඩා ඇමැතිගොල්ලන්ට "මට මතක නෑ" කියන කට්ටිය වැඩියි නේද? මේ කාටත් කොහොමත් මුල මතකම නැහැනේ. (නදී)