තම වෘත්තියෙන් ආතතිය ඇතිවන්නේ නම් වයසට යාමේ දී කෙටි කාලීන මතකය ඉක්මණින් හානි වීමට එය හේතුවක් වනබව විද්‍යාඥයෝ කියති.
ලෝවා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් කරන ලද අධ්‍යයනයකින් මේ බව අනාවරණය වී තිබේ.
සිරුරේ ස්වාභාවිකව ඇතිවන හෝමෝනයක් වන කෝටසෝල් පුද්ගලයා ආතතියෙන් පෙලෙන විට ඉහළ යයි. මේ හෝමෝන මතක ශක්තියේ අඩුවීමට බලපාන බව පර්යේෂකයන් පවසයි.
කෙටි කාලීනව කෝටසෝල් මට්ටම ඉහළ යාම ජීවත්වී ම සඳහා අශ්‍යවේ. මෙම හෝර්මොනය මගින් පුද්ගලයන්ගේ ජීවිත අභියෝග වලට සාර්ථකව මුහුණ දීමට එනම් සිහිබුද්ධියෙන් පියවර තැබීමට උදව් කරයි.
දීර්ඝකාලිනව ආතතියෙන් පෙලෙන විට අසාමාන්‍ය ලෙස කෝටසෝල් මට්ටම ඉහළ යාම හේතුවෙන් දිරවීමේ සංකූලතා, අවුල් සහගත බව, ශරීර බරේ වෙනස්කම් සහ අධි රුධිර පීඩනය පෙන්නුම් කරණ බව මෙම අධ්‍යනය මගින් පෙන්වා දී ඇත.
ලෝවා විශ්ව විද්‍යාලයේ මනෝවිද්‍යාව පිලිබඳ සහාය මහාචාර්ය ජේසන් රැඩ්ලේ පවසන්නේ ආතති හෝමෝනයන් මොලයේ ක්ෂයවීම පිලිබඳ එක් යාන්ත්‍රණයක් බවයි.
එනම් වෙරළේ ඇති ගල්පර්වතයක් මෙන් වසර ගණනාවකින් පසු අවසානයේදී කොටස් වලට කැඩී නොපෙනී යන බවයි.
කෝටසෝල් මට්ටම ඉහළ යාම හේතුවෙන් මස්තිෂ්ක බාහිකය එනම් මොලයේ කෙටි කාලීන මතකය ඇති කරණ ප්‍රදේශය ක්‍රමක්‍රමයෙන් හානියට පත්වේ.
ලෝවා විශ්ව විද්‍යාලය පෙන්වාදෙන්නේ මීට කලින් කරණ ලද පර්යේෂණ මගින් කෝටසෝල් මගින් මෙවැනි සමාන බලපෑම් මොලයේ අනෙක් කලාප වලට ද සිදුකරන බව දක්වා ඇතිමුත් මස්තිෂ්ක බාහිකයට කෝටසෝල් මගින් වන බලපෑම පළමු කොටම පෙන්වාදී ඇත්තේ මෙම අධ්‍යයනය මගින් බවයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක නම් සහතික ඇත්ත (දී)
ඔව් ඒක ඇත්ත (නදී)
ඒ කතාව ඇත්ත, එත් වෙන කරන්න දේකුත් නෑ, රැකියාවක් කරන්නේ ජීවත් වෙන්න, රැකියාවක් කරන කොට අපේ නීරෝගී කම අපට නැති වෙලා, නීරෝගිකම රැක ගන්න විසදුමක් තිබුනානම්. (ස)
ඇත්ත තමයි.ආතතිය වැඩි වුණහම ගොඩක් දේවල් අමතක වෙනවා. (නි)
පෙන්වා දුන්නාට ගොඩක් ස්තූතියි (නි)
තමන් කවුද කියලත් අමතක වෙනවා (දී)
එ්ක හරියටම හරි. දැන් බලන්න පාර්ලිමේන්තුවේ මන්ත්‍රීගොල්ලන්ට වඩා ඇමැතිගොල්ලන්ට "මට මතක නෑ" කියන කට්ටිය වැඩියි නේද? මේ කාටත් කොහොමත් මුල මතකම නැහැනේ. (නදී)