ලොව විශාලතම යැයි කියන ටොන් 270 ක් බරැති තඹ ඝණAඨාරයක් සොයා මියන්මාර කිමිදුම්කරුවෝ මේ දිනවල රැන්ගුන් නදිය පීරමින් සිටිති.
15 වැනි සියවසේ මියන්මාරය පාලනය කළ දම්මසෙදි රජුගේ උපදෙස් පරිදි නිපදවා ඇතැයි කියන මේ ඝාණ්ඨාරය වසර 130 කට පසුව පෘතුගීසි ජාතිකයෙකු සොරාගෙන එය උණු කර කාලතුවක්කු සෑදීම සදහා රැගෙන යමින් සිටියදී රැන්ගුන් නදියේ නැව ගිලී ගිය බව මියන්මාර ඉතිහාසයේ සදහන්වේ.
මෙම ඝණ්ඨාරය සොයාගත හැකිවේ නම් මියන්මාරය අතීතයේ තිබුණු වීභූතිමත් තත්ත්වයට යළිත් එසවිය හැකි වනු ඇතැයි මියන්මාර වැසියන් අතර විශ්වාසයක් පවතී.
මියන්මාරයේ ආගමික නායකයෝද මේ බැව් විශ්වාස කරන අතර මේ දිනවල ඝණ්ඨාරය සොයා සිදු කෙරෙන කිමිදුම් කටයුතු සිදු කෙරෙන්නේද ඔවුන්ගේ ආශිර්වාද මැදය.
කෙසේ නමුත් අතීතයේ සෝනාර් වැනි අති නවීන උපකරණයන් භාවිතයෙන් ඝණ්ඨාරය සොයාගැනීමට තැත් කර ඇතත් ඒ කිසිවක් සාර්ථක වී නොමැත.මෙනිසා ඇත්තටම ඝණ්ඨාරයක් නදියේ පවතින්නේදැයි සැකයක්ද ඇතැම් මියන්මාර වැසියන් අතර තිබේ.
නමුත් නැවත වරක් ඝණ්ඨාරය සොයා මෙහෙයුම් සිදුකෙරෙන අතර මේ වන විද්‍යාවට වඩා ඔවුන් තැන දී ඇත්තේ ආගම දහමටය.
කිමිදුම් කටයුතු සිදුකෙරෙන අයුරු දැක බලා ගැනීමට දහස් ගණනින් ජනතාව පැමිණෙන්නෝය.
මියන්මාරයේ ඉතිහාසඥයෙකු වන හා පසුගිය දශක කිහිපයේදී මෙම ඝණ්ඨාරය සොයා සිදුකෙරෙණු ගවේෂණ කිහිපයකටම සහභාගීව අත්දැකීම් ඇති චිට් සැන් වින් පවසන්නේ ඝණ්ඨාරය ඇතැයි තමන්ට විශ්වාසයක් තිබෙතත් ආගමික හා අධ්‍යාත්මික මෙහෙයවීමකින් එය සොයාගත හැකිවනු ඇතැයි තමන් කිසිසේත් විශ්වාස නොකරන බවයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය නිකම්ම නිකම් ජනකතාවක් වියනොහැක. අතීතයේ ටොන් 270 ක ඝණ්ඨාරයක් කොහොම ගෙනවිත් නැවකට පැටෙව්වාද? (නි)
ඔබේ සැකය මටත් ඇතිවෙනවා සෙනරත්.නමුත් තායිලන්තයේ කිලෝ 6000 කට වඩා බර රන් ප්‍රතිමාව කොහොමද එහා මෙහා අරගෙන ගියේ..? (නි)
ඉක්මනින්ම ඝණ්ඨාරය හමුවේවා ! අපිටත් බලන්න ආසයි. (නි)
ගෙම්බා,කිඹුලා,කුකුල් අඩි කොටා සලකුණු ඇති මහා පර්වත වල නිධන් හාරන්න දක්ෂ අපේ රටේ ඇත්තන්ට දුන්නානම් ඔය ඝන්ටාරය ගොඩ ගැනීම සුළු දෙයක් ! (අ)
එහෙත් ඉන්නවා වගේ අත්භූත ..දේවල් විශ්වාශ කරන ..ලංකාවේ වගේ මෝඩ මිනිසුන් ..? ලංකාවේ ප්‍රාදේශීය මන්ත්‍රී කෙනෙක්ට කීවානම් ..එක රැයෙන් ඕක ගොඩගන්නවා...? (අ)
රූපවති, ඔයාගේ හෘද ශාක්ෂියට එකඟව ඉපදුන දා සිට අද වෙනතුරු කිසිම දේවාලයකට ගිහින් බාරයක් වෙලා නැද්ද? (නි)
උපන් රටටත් වැදූ මවටත් හා සමානව ගරු කරන්න (අ)