බටහිර ස්වීඩනයේ ගොතන්බර්ග් දිස්ත්‍රික් අධිකරණයට ස්විඩ් පොලිස් නිලධාරීන් 37 හැවිරිදි ස්විඩන් කාන්තාවක් ඉදිරිපත් කරමින් අධිකරණයට දන්වා සිටියේ මෙතෙක් ලෝකයේ කිසිම තැනකින් අසන්නට නොලැබුණු විස්මිත වූත්, අරුම පුදුම චෝදනාවකි.
පොලිසිය කියා සිටියේ කාන්තාවගේ නිවසේ තිබි මිනිස් ඇට සැකිලි හිස්කබල් සොයාගත් බවත්, එම මිනිස් ඇට සැකිලි ලිංගික තෘප්තිය සඳහා උය උපයෝගී කරගෙන ඇති බවත්ය.
එහෙත් එම චෝදනාවට නඩු පැවැරීම සඳහා නීති පොතේ වගන්තියක් නැති හෙයින් ‘‘මළවුන්ගේ සාමයට බාධා කිරීම‘‘ යන චෝදනාව යටතේ ඇයට විරුද්ධව නඩු පවරන බව ස්විඩන් පොලිසිය අධිකරණයට දැන්වීය.
පොලිසිය කාන්තාවගේ නිවසේ තිබී අත්අඩංගුවට ගත් හිස්කබල් පහක්, කොඳු ඇට පෙළක් සහ තවත් මිනිස් ඇට කටු රාශියක් අධිකරණයට ඉදිරිපත් කරමින් කියා සිටියේ ඇයගේ නිවසේ රහස් කාමරයක මෘත ශාරීරාගාරයක මෙන් පවත්වාගෙන ගිය කොටසක මෙම ඇට සැකිලි තිබි අත්අඩංගුවට ගත් බවයි. නිවසේ තිබූ සී.ඩී. තැටි දෙකක් සහ ලිංගික ක්‍රියාවනට අදාල ඡායාරූප රැසක් තිබූ බවත් එක් ඡායාරූපයක ඇය මිනිස් හිස් කබලක් සිප ගන්නා ආකාරය විදහා දැක්වෙන බවත් පොලිසිය කීවේය.
සී.ඩී. තැටිවලින් එක් තැටියක මගේ පළමු අත් දැකීම මැයෙන් එයට අදාල ඡායාරූප ලියකියවිලි තිබූ බවත් අනෙක් තැටියේ මළවුන් සමග සංවාසයක් යෙදෙන ඡායාරූප ලියකියවිලි තිබූ බවත් පොලිසිය සඳහන් කෙළේය.
ඇය මානසික වෛද්‍ය විශේෂඥයින් වෙත ඉදිරිපත් කළ ද ඇයට කිසිදු මානසික රෝගයක් හෝ එවැනි රෝගයක ලක්ෂණවත් නොමැති බව වාර්තා කර ඇතැයි ද පොලිසිය වැඩදුරටත් කියා සිටියේය. පොලිසිය මුලින් සැකකර ඇත්තේ ඇය කිසියම් මිනිමැරුම් කීපයක් රහසිගතව සිදුකර එය වසන් කිරීමට උත්සහා ගන්නා ආකාරයක වුවත් පසුව කළ නිරීක්ෂණවලදි මෙම කරුණු අනාවරණය වූ බවත් පොලිසිය පැවැසීය.
චෝදනාවට නිවැරැදි කරු බව ඇය ප්‍රකාශ කළැයි. තමා කිසිදු වරදක්කර නොමැති බවත් මිනිසුන්ට මුද්දර එකතු කිරීමට ඇති ආශාව මෙන් තමන්ද මිනිස් ඇට සැකිලිවලට එකතු කළ බවත් ඇය කීවාය. නඩු විභාගයට පැවැත්වෙන අතර ඇය වැරැදිකරු වුවහොත් වසර දෙකක සිරදඬුවමක් සහ දඩයක් ද ගෙවීමට සිදුවේ.
1
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’
COMMENTS
මළවුන් සමග කටයුතු කරාම නඩු වැටෙන එකක් නෑ කියලා හිතන්න ඇති (ස)
කෝ මේ ළමයගේ ෆෙටෝ එකක් දාලා නෑනේ (ස)
මේක එයාගේම කවුරුහරි කෙනෙක්ගේ වෙන්න ඇති. ආපහු ගිහින් දුන්නොත් හොඳයි..මැරුන මිනිස්සුන්ගෙන් කාටවත් කරදරයක් නෑනේ (ස)
බයානක ආසාවක්, ඔය වැඩේට හරියන කවුරුහරි හොයාගන්න (ස)
මුතුකුඩ මේවා ලංකාවෙත් වෙනවා..? ඔයත් මේකට මොකක් හරි සම්බන්ධයක් තියෙනවා වගේ..!(නු)
අනේ මෙහෙම තන්හාවක්, අනේ මෙහෙම ආසාවක් . මිනිසුනි ලැබේද ඉන් සැනසීමක් (ස)
හරි ෂොක් අප්පා... (ස)
නියම ක්‍රමයක් (ස)
මේ ක්‍රමය ලංකාවෙත් වෙනවා. බෙහෝදුරට මේක සිදුවන්නේ මිනී තබන කාමර ඇතුළේ. (නි)
මේ රටවල්වල ජීවත් වෙනවා ලෝකේ හැම ජාතියක්ම (ස)
මොකක්ද අනේ මේ හරුපේ.......? (නි)
ජීවත්වී සිටින මිනිසාට වඩා මළවුන් අතර සිටින මිනිසා විශ්වාස කළ හැකිය. (නි)
යකෙක් වැහිලද ?? තොවිලයක් නටන්න වේවි (ස)