IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


බොස්ටන් ප‍්‍රහාරකයන් අල්ලන්න පරීක්ෂණ ආරම්භ කළා

ඇමෙරිකාවේ බොස්ටන් නුවර මැරතන් තරගය ඉලක්ක කර ගනිමින් ඊයේ (16) එල්ල වූ බෝම්බ ප‍්‍රහාරවලට වගකිවයුත්තන් සොයා අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ යුහුසුළුව කටයුතු කරන බව ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමා ජාතිය අමතමින් ප‍්‍රකාශ කළේය.
එම ප‍්‍රහාරවලින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. මියගිය අය අතර අට හැවිරිදි පිරිමි ළමයෙක් ද සිටී. එම පිරිමි ළමයාගේ පියා මැරතන් තරගයට සහභාගී සිටි කී‍්‍රඩකයකු යැයි පසුව අනාවරණය විය.
මලල කී‍්‍රඩා ඉසව්වකට එල්ල වූ එම කුරිරු ප‍්‍රහාරය ඉතා පිළිකුළෙන්  හෙළා දකින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙනුවෙන් එහි මහ ලේකම් බෑන් කී මූන් පවසයි.
බි‍්‍රතාන්‍ය අගමැති ඬේවිඞ් කැමරන්, ඉතාලි අගමැති මාරියෝ මොන්ටි සහ ජර්මන් චාන්සල්වරිය ඇන්ජෙලා මාකෙල් ශෝක පණිවුඩ නිකුත් කර ඇති යැයි විදෙස් පුවත් සේවා පවසයි.
මේ අතර බොස්ටන් නුවර පමණක් නොව ඇමෙරිකාවේ සෙසු ප‍්‍රධාන නගරවල ද ආරක්ෂාව තර කිරීමට ද ආරක්ෂක අංශ පියවර ගෙන ඇත.



අදහස් (0)

බොස්ටන් ප‍්‍රහාරකයන් අල්ලන්න පරීක්ෂණ ආරම්භ කළා

පාර්වතී Wednesday, 17 April 2013 11:52 PM

අනේ මහත්තයෝ, මේ රටේ 83දිත් ඉන් පස්සෙත් මිනි ගොඩ ගැහුනා. මෙහෙ මහා ජාතිය කියලා අපේ අය බර ගානක් මරුනා. තම ඉවරයක් නැහැ. ගණන් ගන්න එපා. මොකෝ අපි ඔබතුමන්ලාගෙන් උදවු ඉල්ලලා ඉල්ලලා දැන් ඇති වෙලා ඉන්නේ. ජිනිවත් ගියා. තාම යනවා. (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Thursday, 18 April 2013 12:43 AM

සිවිල් වැසියන්ට බෝම්බ ඇටවීම අපි අනුමත කරනේ නැහැ. මහත්තයෝ, ත්‍රස්ත බෝම්බ වලින් සිවිල් වැසියෝ ඝාතනය වෙනකොට ඔබතුමාට වගේම මටත් දුකයි. ඇමෙරිකන් , ශ්‍රී ලාංකික කවුරුත් මනුෂයෝ (නි)

:       0       0

අචිනි Wednesday, 17 April 2013 04:10 PM

සුවර් එකටම් කන්ගැට්ටෙක් සම්බන්ධ ඇති (නි)

:       0       0

සදරුවන් Wednesday, 17 April 2013 04:48 PM

ඇමෙරිකාව කරපුවා විකිලීස් වෙබ් අඩවියෙන් අපි දැක්කා. (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Wednesday, 17 April 2013 05:59 PM

අනේ මහත්තයෝ, අපි අවුරුදු 30ක් ජිවත් වුණේ ඔය වගේ බෝම්බ සමග. පිටකොටුවේ, මහබැංකුවේ, බස් වල බෝම්බ පුපුරවලා ඔය වගේ නෙවෙයි දස දහස් ගණනක් ශ්‍රී ලාංකිකයෝ මිය ගියා. අපේ මියගිය සිවිල් වැසියොත් මනුස්සයෝ. ඔවුන්ගේත් දරු පවුල් අනාත වුණා. ජිනීවා වලදී කොටි බෝම්බ වලින් මිය ගිය ශ්‍රී ලාංකික සිවිල් වැසියන් ගැනත් කතාකරන්න. පසුගියදා ත්‍රස්තවාදී බෝම්බ වලින් මිය ගිය ඇමෙරිකන් වැසියන්ට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා! (නි)

:       0       0

රූපා Wednesday, 17 April 2013 12:20 PM

මහත්තයෝ අර බින් ලාඩන් අල්ලන හැටි පෙන්වන "සිරෝ ඩාක් තටි" කියන චිත්‍රපටිය අපි බැලුවා. මේ පරීක්ෂණ කරන්නෙත් එහෙම වද දීලද. ඒ වද විදපු අය ඇමරිකාව පැත්ත හැරිලා නිදා ගන්නෙවත් නැතිවෙයි.(නදී)

:       0       0

ෆෙර්ණන්දෝ ලොස් අන්ජෙලිස් Wednesday, 17 April 2013 06:58 PM

නියමයි මහත්තයෝ දෙන්න පන්න පන්නා. ජාතින් තුනකට එකට ඉන්ට බඅහඅ. ආගම වාදේ හෝ ජාති වාදේ. හැබැයි කතාව දෝලාවෙන්. මේ රටේ ජාතින් 46 ඉන්නවා. ඔබයි සි අයි ඒ එකයි මේකට දඩුවම් දෙනවා අපට විශ්වාසයි (නි)

:       0       0

ගාමිණි Wednesday, 17 April 2013 01:56 PM

ඔබාමාට ටිකක් රිද්දු වට නම් කමක් නැහැ. රටේ අහිංසක සාමාන්‍ය ජනතාවට හිරිහැර කිරීම බලවත් පාපයක්! (අ)

:       0       0

හේරත් Wednesday, 17 April 2013 07:43 PM

සිල්වා ගේ කතාව මසුරන්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 339 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2149 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1623 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site