IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


සිරියාවට යැවූ නිරීක්ෂකයන්ට අරාබි ලීගයෙන්ම විරෝධය

දැනට මාස දහයක කාලයක් තිස්සේ සිරියාවේ පවතින උද්ඝෝෂණ රැල්ලට නායකත්වය දෙන විපක්ෂ කණ්ඩායම්වල මූලික ඉල්ලීම වූයේ අරාබි ලීගයේ නිරීක්ෂණ කණ්ඩායමක් සිරියාවට එවිය යුතුය යන්නයි. සිරියානු ජනාධිපති බෂිර් අසාඞ් ප‍්‍රථමයෙන්ම මෙවැනි යෝජනාවකට එකඟ නොවුවත් සම්බාධකවලට ලක්වීම හා ජාත්‍යන්තර බලපෑම නිසා පසුව අරාබි ලීගයේ සාම සැලැස්ම යටතේ එවැනි නිරීක්ෂණ කණ්ඩායමක් පිළිගැනීමට එකඟ වූයේය. උද්ඝෝෂකයින්ට එරෙහිව දැඩි මර්දනයක් ක‍්‍රියාත්මක කිරීම හා සාමාන්‍ය ජනතාව මරා දැමීම ගැන නිතර වාර්තා වූ නිසා මෙවැනි නිරීක්ෂණ කණ්ඩායමක වාර්තාවක් පදනම් කරගෙන ජාත්‍යන්තර මැදිත්වීමකට අවස්ථාවක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තුවක් ද තිබිණි. අරාබි ලීගයේ වැඩපිළිවෙළට අසාඞ්ගේ රජය විරෝධය දක්වන්නේ නම් සිරියානු ජනතාව ආරක්ෂා කිරීම සඳහා ජාත්‍යන්තර ප‍්‍රජාවට වෙනත් පියවර ගැනීම ගැන සලකා බැලීමට සිදුවනු ඇතැයි එක්සත් ජනපද රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් අනතුරු හැඟවූවාය. එහෙත් පසුගිය දෙසැම්බර් 23 වැනිදා සිරියාවේ දමස්කස් නගරයට ගිය නිරීක්ෂණ කණ්ඩායමෙන් එවැනි ජාත්‍යන්තර මැදිහත්වීමකට අවශ්‍ය පසුබිම් වාර්තා ලැබෙන බවක් දක්නට නොවීය. සියයකට ආසන්න නිරීක්ෂණ කණ්ඩායමට ගැටුම් වාර්තා වූ ප‍්‍රදේශ කීපයකම සංචාරය කිරීමට අවස්ථාව ලැබුණද කලින් අදහස් කළ ප‍්‍රමාණයේ ප‍්‍රචන්ඩ ක‍්‍රියා දක්නට තිබුණේ නැත. අරාබි ලීගයේ සාම සැලැස්ම අනුව ගැටුම් පැවති නගරවලින් රජයේ හමුදා හා යුද ටැංකි ඉවත් කරගෙන තිබුණි. නිරීක්ෂකයින් සංචාරය කළ නගරවල උද්ඝෝෂකයින් දහස් ගණනින් රැස්ව සිටියද ගැටුම් වාර්තා වූයේ නැත. මේ නිසා නිරීක්ෂණ දූත මෙහෙයේ ප‍්‍රධානී සුඩානයේ ජනරාල් මුස්ටාෂා අල් ඔබ්ට මතු පිටින් දක්නට ඇති ආකාරයට ගැටුම් පැවැති හොම්ස් නගරයේ සාමාන්‍ය තත්ත්වයක් පවතින බව වාර්තා කිරීමට සිදුවිය. එමෙන්ම අරාබි ලීගයේ මහලේකම් නබිල් එලරත් කයිරෝ නගරයේදී ප‍්‍රකාශයක් කරමින් නිරීක්ෂණ දූත මෙහෙවර සාර්ථක වූ බව අවධාරණය කළේය. ඔහු සඳහන් කරන ආකාරයට සිරියානු රජය හමුදාව සහ යුද ටැංකි නගරවලින් ඉවත් කර ගෙන ඇති අතර සිරකරුවන් 3484ක් ද නිදහස් කර ඇත. සිරියාවේ අල් බෂිර්ගේ පාලනය පෙරලා දැමීම අරමුණු කරගත් විපක්ෂ කණ්ඩායම් මෙවැනි වාර්තාවක් අපේක්ෂා කළේ නැත. ඔවුන්ගේ බලාපොරොත්තුව අනුව නිරීක්ෂණ කණ්ඩායම ජාත්‍යන්තර මැදිහත්වීමකට මඟ පාදන්නකි. නිරීක්ෂණ කණ්ඩායම් පැමිණීමට පෙර ලන්ඩනයේ සිට ක‍්‍රියාත්මක වන සිරියානු ජාතික කවුන්සිලය සිරියාව තුළ ආරක්ෂිත කලාපයක් නම් කරන ලෙසත් ගුවන් තහනම් කලාපයක් ක‍්‍රියාත්මක කරන ලෙසත් ඉල්ලා සිටියේය. එහෙත් නිරීක්ෂක කණ්ඩායමේ මූලික වාර්තා අනුව එසේ කිරීමේ අවශ්‍යතාවක් නැත. ගැටුම් පැවැති කාලයේ හොම්ස් නගරයට ආහාර සැපයීම නතර කර තිබුණද දැන් ආහාර ද්‍රව්‍ය ප‍්‍රවාහනය සාමාන්‍ය ආකාරයෙන් සිදුවේ. එහි ප‍්‍රතිඵලය වූයේ දූත මෙහෙයේ ප‍්‍රධානී ජනරාල් අල් ඔබ්ට චෝදනා එල්ල වීමය. යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට අවශ්‍ය කරන සුඩාන රාජ්‍ය නායකයාගේ සමීප සගයෙකු වන අල්ඩබ් මෙවැනි මෙහෙයුමකට සුදුසු නැතැයි සිරියානු විපක්ෂ කණ්ඩායම පැවැසූහ. එමෙන්ම අරාබි ලීගයේ පාර්ලිමේන්තුව වශයෙන් හැඳින්වෙන සාමාජිකයින් 88 දෙනෙකුගෙන් යුත් උපදේශක මණ්ඩලය නිරීක්ෂණ කණ්ඩායම ආපසු කැඳවන ලෙස ඉල්ලා සිටියේය. නිරීක්ෂකයින් පැමිණීමට පෙර දින කීපය ඇතුළත පමණක් පුද්ගලයින් 286ක් ඝාතනය කර ඇතැයි ජාතික සම්බන්ධීකරණ මණ්ඩලය නිවේදනය කළේය. ඔවුන් පවසන ආකාරයට නිරීක්ෂණ කණ්ඩායමේ ක‍්‍රියාකාරිත්වය අසාඞ්ගේ පාලනය හේතු යුක්ති කරයි. එමෙන්ම සිරියානු විපක්ෂ කණ්ඩායම් දිනපතාම නිකුත් කරන වාර්තා අනුව සිරියානු රජයේ හමුදා ප‍්‍රහාරවලින් මරණයට පත්වන පුද්ගලයින්ගේ සංඛ්‍යාවේ අඩුවීමක් දක්නට ඇත්තේද නැත. කෙසේ වුවද නිරීක්ෂණ කණ්ඩායමක් යැවීමෙන් අරාබි ලීගයේ සමහර රටවල් මෙන්ම එක්සත් ජනපදය අපේක්ෂා කළ ආකාරයට ඍජු මැදිහත්වීමකට මෙතෙක් අවස්ථාවක් උදා වී නැති බව පැහැදිලිය. අල් අසාඞ්ගේ පාලනය පෙරලා දැමීම අරමුණු කර ගත් විපක්ෂ කණ්ඩායම්වලට ඒ සඳහා මෙතෙක් සුදුසු උපායමාර්ගයක් සකස් කර ගැනීමට නොහැකි වූ බවද පෙනේ. විපක්ෂ කණ්ඩායම්වල එකතුවක් ඉස්තාම්බුල් නගරයේදී පිහිටුවා ගත් නමුත් ඊට ලිබියාවේ ජාතික තාවකාලික මණ්ඩලයට (NTC) මෙන් ප‍්‍රබල ජාත්‍යන්තර සහයෝගයක් දිනාගැනීමටද නොහැකි විය. ඊට අමතරව ලිබියා අත්දැකීමෙන් පෝෂණය වූ රුසියාව හා චීනය සිරියාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ යෝජනාවක් සම්මත කර ගැනීමට එකඟ නොවීමද බාහිර සැලසුම් ක‍්‍රියාත්මක කිරීමට නොහැකි වීමට හේතුවකි. හමුදාව හැර ගිය භට කණ්ඩායම් පිහිටුවා ගෙන ඇති නිදහස් සිරියානු හමුදාවේ සන්නද්ධ ප‍්‍රහාර නිසා අරගලය මහජන විරෝධතාවකට වඩා සිවිල් යුද්ධයක් බවට පරිවර්තනය වීමේ අනතුරු ද වැඩිය. මෙවැනි පසුබිමක් යටතේ ගැටුම්කාරී තත්ත්වය, කලාපීය රටවල හා එකසත් ජනපදයේ මැදිත්වීම නිසා වඩාත් සංකීර්ණ අරගලයක් බවට පත්වීමේ අවදානමක් පවතින බව පෙනේ.

සටහන - මහින්ද හත්තක
සිරියානු ජනාධිපති අසාඞ් ඒ.බී.සී. රූපවාහිනී සේවයට අදහස් දක්වමින් ඩැමස්කස් නුවරදී සිදුවූ බෝම්බ පිපිරුමකින් විනාශ වූ වෑන් රථයක් සිරියානු ජනාධිපතිට පක්ෂපාති පෙළපාළියක් අරාබි ලීගයේ නිරීක්ෂකයන් සිරියාවේ නිල සංචාරයක සිරියානු ජනාධිපතිට විරුද්ධ පෙළපාලියක්



අදහස් (0)

සිරියාවට යැවූ නිරීක්ෂකයන්ට අරාබි ලීගයෙන්ම විරෝධය

ඔබේ අදහස් එවන්න

 

 
 

සයුරෙන් එතෙර

ඇමෙරිකාව චීනය තීරුබදු අඩු කරන්න එකඟ වෙයි
2025 මැයි මස 12 1457 0

ඇමෙරිකාව මෙන්ම චීනය ද එකිනෙකාට පැනවූ තීරුබදු සියයට 115 කින් අඩු කිරීමට එකඟ වූ බව නිවේදනය කළේ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට්ය.


ඇමෙරිකන් චීන සාකච්ඡා සාර්ථකයි
2025 මැයි මස 12 100 0

චීනයේ වෙළඳ නියෝජිත හී ලිෆෙන්ග් සහ ඇමෙරිකන් භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් අතරේ හමුවක්, ස්විට්සර්ලන්තයේ දී පැවැත්වුණු අතර, එම සාකච්ඡා ඵලදායී වූ බව ඇමෙ


තවත් යුද්ධයක් එපා: ලියෝ පාප්තුමෝ කියති
2025 මැයි මස 12 98 0

ලියෝ පාප්තුමන්ගේ පළමු ඉරිදා දේව මෙහෙය වතිකානයේ දී පැවැත්විණි. ‘තවත් යුද්ධයක් එපා’ යැයි නව පාප්තුමන් එම දේව මෙහෙය අතතුරේ ලෝකවාසීන්ගෙන් ඉල්ලීමක් කළේය.


පුටින් හමුවෙන්න සූදානම්: යුක්රේන ජනාධිපති කියයි
2025 මැයි මස 12 1442 0

රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් මුහුණට මුහුණ හමුවීමට තමන් සූදානම් බවත්, රුසියන් යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් පුටින් සමඟ සාකච්ඡා පවත්වා පැහැදිලි


සටන් විරාමය කඩලා
2025 මැයි මස 11 1742 1

සටන් විරාමයක් සදහා කැමැත්ත පළ කළත්, ඉන්දියාව එය උල්ලංගනය කළේ යැයි පාකිස්තානය චෝදනා කරයි.


කෘත්‍රිම බුද්ධිය තර්ජනයක්
2025 මැයි මස 11 2811 1

14 වැනි ලියෝ පාප්තුමන් සහ කාදිනල්වරුන් අතර පළමු හමුද වතිකානයේ දී පැවැත්විණි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1212 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1506 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 386 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site