දකුණු ඇමෙරිකාවේ බොලිවියාවේ කර්මෙලෝ ෆ්ලොරෙස් ලව්රා දැනට මෙලොව ජීවත්වන වයස්ගතම පුද්ගලයා බව වාර්තා ගතවී ඇත.
වර්ෂ 1890 දී උපන් ඔහු තවමත් හොඳ සෞඛ්‍ය තත්වයකින් යුතුව නිරෝගීව ඉන්නා බවටද වාර්තා වෙයි.
පසුගිය ජුලි මාසයේදී වයස 123 සපිරූ ඔහු ගමන් බිමන් යාමේදී තවමත් සැරයටියක් භාවිතා නොකරයි. ඔහුගේ අස්පෙනීමේ කිවයුතු දුර්වලතාවයක් නොමැති නිසා උපැස් යුවළක් පැළදීමේ අවශ්‍යතාවයක්ද නැත.
බොලිවියා අගනුවර වන ලපාස් සිට සැතපුම් 50 පමණ දුරින් පිහිටි කඳුකර ගම්මානයක්වන ෆ්රස්කුඉසියාහි ජීවත්වන ඔහු අයිමාර ගෝත්‍රික ගැමියෙකි. දරුවන් තිදෙනෙකුත් මුණුපුරන් 16 දෙනෙකුත් මීමුනුපුරන් 39 දෙනෙකුත් සිටින ඔහුගේ වයස දැනගෙන ඇත්තේ රෝමානු කතෝලික සභාව විසින් ලබාදී ඇති ඔහුගේ බෞතීස්ම සහතිකය අනුවය.
එම හැඳුනුම්පතේ සටහන්වී ඇති අන්දමට ඔහු ඉපදී ඇත්තේ 1890 ජුලි මාසයේ16වැනිදාය. බොලිවියාවේ උප්පැන්න සහතික නිකුත්කිරීම ආරම්භවුයේ 1940 දීය.ඔහුගේ බිරිඳ මියගොස් ඇත්තේ මීට වසර 10කත පෙරදීය.කිසිදවසක උදාසීන ලෙසින් ගත නොකිරීමත් ඇඟපත සවිබල තිබුකාලයේ වෙහෙස මහන්සිවී වැඩකිරීමත් දිනපතා දුරගමන් දෙපයින් ඇවිදීමත් සීනි පැණි වැනි ශරීර සෞඛ්‍යයට අහිතකර ආහාර පරිභෝජනයෙන් වැළකී සිටීමත් තමන් මෙතරම් කාලයක් ජීවත්වීමේ රහස බව පසුගියදා බොලිවියානු ප්රවෘත්ති වැඩසටහනකට පෙනීසිටි කර්මෙලෝ ෆ්ලොරෙස් ලව්රා පැවසීය.
මේ පිළිබඳව ඔහු තවදුරටත් කියා ඇත්තේ "මම කවරදාකවත් කම්මැලි කමින් හිටියේ නැහැ. ගෙදර දොර වැඩකටයුතු ඉවුම් පිහුම් වැනි වැඩවලට පවා මම උදව් පදව් කළා. අපි කැවේ බීවේ කැලේ වැවෙන දේවල්. මස් හැටියට අපි වැඩිපුරම කැවේ උරුලෑ මස් තමා.
වෙන සත්තු මේ පලාත්වල හිටියේ හරිම අඩුවෙන්.අද වාගේ කුකුලන් එළුවන් හරකුන් වැනි සතුන් අපි පුංචි කාලේ හිටියේ නැහැ.අපි ඉතින් මස් හැටියට කෑවේ කැලේ ජීවතුන සතා සිව්පාවෝ තමයි. වෙන මොනවත් නොවේ."යනුවෙනි.
කෙසේවෙතත් ලෝකයේ වාර්තා පිලිබඳ විද්‍යාත්මක නිරීක්ෂණ පවත්වා සහතික ලබාදෙන ගිනිස් ලෝක වාර්තා සංවිධානය මෙවැනි පුද්ගලයෙකු පිළිබඳව දන්නේ නැතිබව පවසයි. එවැන්නෙකු සම්බන්දයෙන් තම සංවිධානයට තොරතුරු සැපයුවහොත් ඒගැන සොයාබලා නිගමනයකට එළඹිය හැකිබව එම සංවිධානය පවසා ඇත.
COMMENTS
බොලිවියාව කියූ සැනින් මගේ මතකයට නැගුනේ මහ විප්ලවයක් කල චේ ගුවේරා නම්වූ සුප්‍රකට අරගල තරුවයි, ආජන්ටිනාවේදී උපත ලද චේ එක්දහස් නවසිය හැටහතේ ඔක්තෝම්බර් නමවෙනි දින බොලිවියාවේදී ඝාතනයට ලක්විය. (නදී)
මේක බොරු වයසක් ......(ස)
පරිසරය සමග ජීවත් වුණොත් වසර 100 ,ලොකුදෙයක් නොවේ.අපට නම් පුළුවන් වෙන එකක් නැහැ. අපි දැනටමත් වසවිස ඇති තරම් ශරීරයට එකතු කරගෙන ඉවරයි. (නි)
අනේ! එතකොට අපේ ලංකාවේ අර අත්තම්මට (116)ගිනස් පොතට යන්න බැරිද? (නි)
මමත් හිතන්නේ මේ මෙයාගේ ඇත්ත වයස නෙමෙයි ... බොලිවියන් කට්ටිය වයස 80 විතර වෙනකම් හිටියොත් මේ වගේ මුනවල් තමයි තියෙන්නේ ...අනික බොලිවියාව කියන්නේ ආයුෂ අඩු ජනතාවක් ඉන්න රටක් .(අ)
මේක ඇත්තටම ඇත්තද? (නි)
මගේ අදහස නම් තවම ලෝකේ වයස්ගත පුද්ගලයාව සොයාගෙන නැහැ.දවසින් දවස එක එක අය ගැන අහන්න ලැබෙනවා (නි)
මට නම් මෙච්චර කල් ඉන්න ඕනෑ නැහැ (නි)
චමත්, ඒ දහවල අව්වෙන්, දූවිල්ලෙන් සහ රාත්‍රි අධික සිසිලෙන් ආරක්ෂා වීමට. සොබා දහමේ රහස එය සමඟ ජීවිතයයි. (ස)
මෙච්චර අව්ව පායන රටක ඔච්චර රෙදි පොරවාගෙන ඉන්නේ මොකටද? (නි)
ඇමරිකාව කියන්නේ බොරුවේ උපත. මොවුන්ට නොබෙල් පච සම්මානයත් පිරිනැමිය යුතුයි ! (නි)
මෙන්න බණ්ඩාගේ හා බන්ට් ගේ විද්‍යාත්මක මොලයක තරම.(නදී)
අනේ මෙහෙම මළමිනී වගේ ඉන්නවට වැඩිය හොඳයි මැරෙන එක.(නදී)