IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


මුණුපුරා ආච්චිගේ ගෙටත් පනී

සිය මිත්තනියගේ ගෙය බිද මුදල් සොරකම් කිරීමට ගිය මුණුබුරෙකු ගැන ඇමරිකාවේ ඇල්බකර්කි නගරයෙන් වාර්තා වේ.

රූපවාහිනිය නරඹමින් සිට ඇති මිත්තනිය නිවසෙන් කිසියම් ශබ්දයක් ඇසී විපරම් කර බලන විටදී

නිවසට ඇතුළු වී සිටි සොරා දැක ඇත.සොරාගේ ඇදුමේ ඇයට හුරුපුරුදු බවක් විය.තමන් මීට සති කිහිපයකට පෙර සිය ආදරණිය මුණුබුරු තෝමස්ට තෑගි දුන්නේ මෙවැනිම ඇදුමක් නේදැයි ඇයට සිහි විණි.

වැඩිදුර විපරම් කිරීමට යාමේදී සොරා ඇය දැක පළා යන්නේ ඇයද පෙරළාගෙනය.බිමට වැටුණු මුහුණ බැද සිටි රෙදි කැබැල්ලද යළි පැළද ගැනීමට සොරාට අමතකය.මිත්තනියට දැන් සොරා කවුරුන්දැයි කිසිදු සැකයක් නැත.වහා පොලිසිය කැදවන ඇය සිය නිවස බිද ඇති බවත් තමන්ට සිය මුණුබුරා සැක බවත් නිළධාරීන් හමුවේ පවසන්නීය.

ඇයගෙන් ලත් තොරතුරු අනුව සිය දෙමව්පියන්ගේ නිවසේ සැගැව සිටි තෝමස්ව අත්අඩංගුවට ගැනීමට

පොලිසිය සමත් වන්නේය.ඔහුගෙන් කළ ප‍්‍රශ්න කිරීම් වලදී සිය මිතුරන්ගේ බලපෑම නිසා මිත්තනියගෙන් මුදල් සොරකම් කිරීමට පෙළැඹුණු බව තෝමස් පවසා ඇත.නිවෙසකට අනවසරයෙන් ඇතුල්වීම හා සොරකම් කිරීමට තැත් කිරීම යන චෝදනා යටතේ තෝමස්ට එරෙහිව නඩු පැවැරීමට පොලිසිය සූදානම් වේ.තෝමස්ට සිය මිත්තනියගෙනුත් කිසිදු බුරුලක් නොලැබෙන පාටය.



අදහස් (0)

මුණුපුරා ආච්චිගේ ගෙටත් පනී

ෆාතිමා Friday, 21 June 2013 10:39 PM

නියමයි (නි)

:       0       0

නිල්මිණි Friday, 21 June 2013 05:45 PM

ලේසියෙන් අරින්න එපා ආච්චි... (නි)

:       0       0

කුමාරි Friday, 21 June 2013 07:05 PM

එච්චරම ප්‍රසිද්ධ නැතුවට අපේ රටේ මිත්තනියන්ගේ දේවල් විතරක් නෙමේ අම්ම තාත්තාගේ දේවලුත් හොරෙන් නෙමේ බලෙන් අරන් යන අය කොපමණ ඉන්නවද? (නි)

:       0       0

අමිල කටුනායක Friday, 21 June 2013 07:11 PM

තෝ - මස් කෑවෙහිද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 485 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site