නවදිල්ලි අගනුවර සිට දකුණු ඉන්දියාවේ චෙන්නායි නුවර බලා ධාවනය වෙමින් තිබූ සීඝ්‍රගාමී මගී දුම්රියක ඊයේ (30) උදෑසන හදිසියේ ගින්නක් හටගත් අතර මඟීහු තිස් දෙදෙනෙක් ඊට බිලිවූහ. තුවාල ලැබූ 26 දෙනකු රෝහල් ගත කෙරුණි.
ගින්න හටගත්තේ දුම්රිය අන්ද්‍රා ප්‍රදේශය හරහා ධාවනය වෙමින් තිබියදී නෙලෝර් නගරයට නුදුරු ස්ථානයකදීය. එක් මැදිරියක හටගත් ගින්න සීඝ්රයෙන් යාබද මැදිරියට පැතිර ගොස් ඇතැයි ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි. ගින්නට හසුවී ඇත්තේ එම මැදිරි දෙක පමණි.
ගින්න හට ගැනීමත් සමඟ දුම්රියේ සිටි මගීන් මහත් සේ බියටත් කලබලයටත් පත් වූ අතර ඇතැමුන් පණ බේරා ගැනීමේ අදහසින් ධාවන වන දුම්රියෙන් එළියට පැන ඇතැයි ද වාර්තා වේ.
පිළිස්සුම් තුවාල ලැබූ සහ දුම් ආඝ්‍රාණය වූ මඟීන් ළඟම පිහිටි හයිද්‍රාබාද් සහ අනන්තපූර් රෝහල් කරා ගෙන යෑමට පියවර ගත් බව වාර්තා වේ.
ගින්න හටගත් මැදිරි මුළුමනින්ම අළුවී ගොස් ඇති අතර ඒවා තුළ සිරවුණු පිළිස්සුණු සිරුරු එළියට ගැනීමට සහන සේවකයන්ට ඉමහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවිය.
දුම්රිය කටයුතු පිළිබඳ අමත්‍යාංශයේ ප්‍රකාශිකා චන්ද්‍රලේඛා මුඛර්ජි මාධ්‍ය හමුවේ කියා සිටියේ මළ සිරුරු එළියට ගැනීමට සහන සේවකයන් ඉමහත් පරිශ්‍රමයක් දැරූ බවය. ගින්න හටගත්තේ කෙසේදැයි සෙවීමට කඩිනමින් පරීක්ෂණ ආරම්භ කළ බව ද ඉන්දීය දුම්රිය කටයුතු පිළිබඳ අමත්‍යාංශ පවසයි.
දුම්රිය බලධාරීන් අනුමාන කරන්නේ කිසියම් අයකු ගිනි ගන්නා සුලූ දෙයක් දුම්රියෙන් ගෙන යෑමට උත්සහ කරන්නට ඇති බවය. ඉන්දියාවේ දුම්රිය අනතුරු සුලභය. ඊට හේතු වී ඇත්තේ දුම්රිය කටයුතුවල ආරක්ෂාව ඉතා දුර්වල තත්ත්වයක පැවැතීමය. දුම්රිය නඩත්තු කටයුතු ද ඉතා අක්‍රමවත් ලෙස සිදුවේ.

1
මහා නා හිමිවරුන්ගේ ලිපියට රජය හිස නමයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිය ගිය සියළු දෙනා ගැනම බළවත් කණගාටුව පළ කරමු.. තුවාල ලැබූවන් සුවපත්වේවා..!! (නු)
මෙහෙම පණ පිටිං පිච්චෙන්න මේ මිනිස්සු ගිය ආත්මවල පව් කරලා ඇති...!!(නු)
මරණෙන් පසු පින් පව් ගැන කතාකරල වෙඩක් නැහැ ...අනච්චාවත සංකාර කියනවා මිසක් ..සැම දෙනාටම නිවන් සුව !!(නු)