
අනාගතයේ සඳ මතුපිට මිනිස් ජනාවාසයක් පිහිටුවීමට ඇමෙරිකාවේ නාසා ආයතනය සූදානමින් සිටින බවත්, ඒ සඳහා තමන් සමග අත්වැල් බැඳ ගන්නැයි නාසා ආයතනය ඉන්දියාවට නිල වශයෙන් ඇරැයුම් කර ඇති බවත් විදෙස් මාධ්‍ය පවසයි.
ඇමෙරිකාවේ නාසා ආයතනය මේ වනවිට ආටිමිස් යන නමින් යළි ගගනගාමීන් සඳට යැවීමේ මෙහෙයුම් ආරම්භ කර ඇත. 2030 වසරෙන් පසු එම ආටිමිස් මෙහෙයුම් යටතේ සඳ මතුපිට ජනාවාස ඉදි කිරීමට නාසා ආයතනය අපේක්ෂා කරයි.
ඉන්දියාවේ අභ්‍යවකාශ කටයුතු සිදුවන්නේ ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානයේ මූලිකත්වයෙනි. පසුගිය දා බෙංගලූරු නුවර පිහිටි ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානයේ මුලස්ථානයේදී 9 වැනි ඉන්දු-ඇමරිකානු සිවිල් අභ්‍යවකාශ ඒකාබද්ධ ක්‍රියාකාරී කමිටු රැස්වීම පැවැත්වුණු අතර, එහිදී නාසා ආයතනය, ඔවුන්ගේ 'ආටිමිස් ගිවිසුම' ට අදාළව ඉන්දියාවට නිල වශයෙන් මෙම ඇරැයුම ඉදිරිපත් කළ බව පැවැසෙයි.
ඉන්දියාව ද සඳ ගවේෂණය සිදු කරමින් සඳ මතට රොබෝ යානා යැවූ රටකි. 2008 වසරේ දී සඳ මතුපිට ජල අංශු ඇති බව පළමුවෙන් සොයා ගැනීම කළේ ඉන්දියාවයි. ඒ, 'චන්ද්‍රයාන් 1' මෙහෙයුමේදීය. ඉන්පසු 2023 වසරේ දී 'චන්ද්‍රයාන් 2' මෙහෙයුම යටතේ, සඳෙහි දක්ෂිණ ධ්‍රැවය ආසන්නයට රොබෝ යානා සාර්ථකව ගොඩබැස්සවූ එකම රට වන්නේ ද ඉන්දියාවය.
2023 අගෝස්තු මාසයේ 'චන්ද්‍රයාන් 2' මෙහෙයුම යටතේ වික්‍රම් නමැති රොබෝ යානයත් ප්‍රග්‍යාන් නමැති රෝවරයත් සඳට පතිත කළ ස්ථානය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් නම් කරනු ලැබ ඇත්තේ, 'ශිව් ශක්ති පොයින්ට්' යන නමිනි.
'ආටිමිස්' චන්ද්‍ර ගවේෂණ මෙහෙයුම යටතේ ජනපද ඉදිකිරීම සිදුවන්නේ සදේ දක්ෂිණ ධ්‍රැවයේය. ඊට ප්‍රධානතම හේතුව දක්ෂිණ ධ්‍රැවයේ ඇති ආවාටවල ජල අංශු අයිස් ලෙස බහුලව පැවතීමය. ඉන්දියාව මේ වනවිට 'චන්ද්‍රයාන් 3' රොබෝ ගවේෂණ මෙහෙයුමට සූදානම් වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd