කොලොම්බියාවට බලපෑ භූමිකම්පාවෙන් මියගිය ගණන අද (12) උදේ වෙද්දී 250 සීමාව පසු කළේය. කොලොම්බියා රජය පැවැසුවේ, තවත් දහසකට වැඩි පිරිසක් නිවාස සහ ගොඩනැගිලි සුන්බුන් අතරේ සිරවී සිටින බවත් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යනු ඇති බවත්ය.

කොලොම්බියාව කැලඹුවේ, රික්ටර් පරිමාණයේ ඒකක 7.4 ක ප්‍රබලත්වයන්යෙන් යුත් භූමිකම්පාවකි. භූමිකම්පාවෙන් නිවාස සහ ගොඩනැගිලි බිමට සමතලා වන ආකාරය, බියට පත් කොලොම්බියා වැසියන් කෑ කෝ ගහන ආනාරය දැක්වෙන වීඩියෝ දසුන් මේ වනවිට විදෙස් මාධ්‍ය ඔස්සේත්, සමාජ මාධ්‍ය ඔස්සේත් ප්‍රසිද්ධියට පත් වී ඇත.