IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කොරියානු යුද්ධයේදී මියගිය සෙබළුන්ගේ භස්මාවශේෂ ඇමෙරිකාවට

වොෂින්ටන්හිදීය (රොයිටර්)
 
උතුරු කොරියාව ‘කොරියානු යුද්ධයේදී’ අතුරුදන් වූ පුද්ගලයන් ද ඇතුළුව ඇමෙරිකා එක්සත් ජනපද සොල්දාදුවන්ගේ භස්මාවශේෂ ඇමෙරිකා එක්සත් ජනපදයට ලබාදීමේ ක්‍රියාවලිය ඉදිරි දින කිහිපයේදී ආරම්භ කරනු ඇතැයි ඇමෙරිකා නිලධාරිහු පවසති. 

 
දකුණු කොරියාවේ ස්ථාපිත කර තිබෙන එක්සත් ජාතීන්ගේ අණදෙන මූලස්ථානයට අදාළ භස්මාවශේෂ ලබාදීමට නියමිත බවත් ඉන් අනතුරුව ඒවා හවායි හි පිහිටි ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් හිකම් ගුවන් හමුදා කඳවුරට බාරදීමට නියමිත යැයි ද තම අනන්‍යාතව හෙළි නොකළ එම නිලධාරිහු කීහ. 
 
සැලකිය භස්මාවශේෂ ප්‍රමාණයක් ඇමෙරිකාව වෙත බාරදීමට නියමිත බව එක් නිලධාරියෙක් කීය. උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සම්බන්ධයෙන් නිශ්චිතව කිසිවක් කීමට නොහැකි බැවින් නිශ්චිත සංඛ්‍යාවක් ප්‍රකාශ කළ නොහැකි බව ද හෙතෙම කීය. 
 
ලැබීමට නියමිත අදාළ භස්මාවශේෂ නිසි පරිදි හඳුනාගැනීම සඳහා මාස ගණනක් ඇතැම් විටෙක අවුරුදු ගණනක් ගතවනු ඇතැයි එම නිලධාරීහු කීහ. 
ඇමෙරිකා එක්සත් ජනපදය සහ උතුරු කොරියාව මෙම තීරණය ගෙන ඇත්තේ පසුගිය 12 වැනිදා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සහ නායක කිම් ජොන් උන් අතර සිංගප්පූරුවේ පැවැති ඓතිහාසික හමුවෙන් පසුය. 
 
ඇමෙරිකා සොල්දාදුවන්ගේ භස්මාවශේෂ ඇමෙරිකාවට බාරදීමට උතුරු කොරියා නායකයා එකඟත්වය පළ කළ බව එම හමුවෙන් පසු පැවැති මාධ්‍ය හමුවේදී ජනාධිපති ට්‍රම්ප් පැවැසීය. 
 
“ඔවුන්ගේ පවුල්වලට ඔවුන්ගේ තාත්තලගේ, අම්මලගේ ඒ වගේම ඒ හැමෝටම ඉතිරිය දැක බලාගන්න ඕනේ. ඒ බිහිසුණු යුද්ධයට බොහෝ පිරිසක් ගොදුරු වුණා. මියගිය අයගේ භස්මාවශේෂ ලැබෙන තෙක් ඔවුන්ගේ පවුල් තවමත් බලා සිටිනවා. උතුරු කොරියා නායක කිම් ඉතා ඉක්මනින් එම භස්මාවශේෂ ලබාදෙන එකඟවුණා. එය ඉතාමත් හොඳ දෙයක්. උතුරු කොරියානු නායකය ඒ කරුණ තේරුම්ගෙන තිබෙනවා” යැයි ට්‍රම්ප් එහිදි කීය.
 
ඇමෙරිකා එක්සත් ජනපද ආරක්ෂක අංශ දත්තවලට අනුව 1950 සිට 1953 දක්වා පැවැති කොරියානු යුද්ධයේදී මියගිය ඇමෙරිකා එක්සත් ජනපද ආරක්ෂක අංශ සාමාජිකයන් 7,700කට ආසන්න පිරිසකගේ භෂ්මාවශේෂ උතුරු කොරියාව සතුව තිබේ. 
 
උතුරු කොරියානු නිලධාරීන් උපුටා දක්වමින් ඔවුන් සතුව 200කට ආසන්න පිරිසකගේ භස්මාවශේෂ තිබෙන බව පෙන්ටගනය මීට පෙර අවස්ථාවකදී නිවේදනය කළේය. කොරියානු යුද්ධයේදී ඇමෙරිකා ආරක්ෂක අංශ සාමාජිකයන් 36,500කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ.
055



අදහස් (0)

කොරියානු යුද්ධයේදී මියගිය සෙබළුන්ගේ භස්මාවශේෂ ඇමෙරිකාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 79 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 733 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 354 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site