සති ගණනක් මුළුල්ලේ පැවැති ගැටුම්වලින් පසු ඩැමැස්කම් නුවර හා ඇලෙප්පෝ නගරය සම්බන්ධ කරන ප්‍රධාන මාර්ගයක පාලනය සියතට ගැනීම සිරියානු රජයේ හමුදා සමත්ව ඇත.
මෙම මාර්ග පද්ධතිය යළි සියතට ගැනීම සඳහා සිරියානු රජයේ හමුදා රුසියානු හමුදා සමඟ ඉඞ්ලිබ් පළාතට දැවැන්ත ප්‍රහාර මාලාවක් එල්ල කළේය.
එම ප්‍රහාරවලින් ඉරිදා පමණක් සිවිල් වැසියන් 20ක ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වූ බව මානව හිමිකම් නිරීක්ෂණය සඳහා වූ සිරියානු සංවිධානය නිවේදනය කළේය. එය බ්‍රිතාන්‍ය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන සංවිධානයකි.
සති ගණනක් මුළුල්ලේ මෙම ගැටුම් පවතී. මෙම මාර්ග පද්ධතිය එම් 5 යනුවෙන් හඳුන්වන අතර සිරියාවේ ආර්ථික කේන්ද්‍රස්ථානය වන ඇලෙප්පෝ සහ ඩැමැස්කස් නගරය සම්බන්ධ කරන අතර එය ජෝර්දාන දේශසීමාවට ද සම්බන්ධ වේ.
කෙසේ නමුත් මාර්ග පද්ධතියේ ඇලෙප්පෝ නගරයේ නිරිත දිග පිහිටි කොටස තවමත් ඇත්තේ කැරැලිකරුවන්ගේ සහ ජිහාද් සටන්කාමීන්ගේ පාලනයේ ය. ඉඞ්ලිබ් පළාතේ හරි මැදට වන්නට මේ කොටස පිහිටා තිබෙන අතර ජනාකීර්ණ ය.
සිරියානු රෙජීමයට හිතවත් කණ්ඩායම් දිගින් දිගටම ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලක්ෂ පහකට වැඩි පිරිසක් මේ වනවිටත් උතුරට වන්නට පිහිටි තුර්කි දේශසීමාව දෙසට පලායමින් සිටිති.
සිරියානු රෙජීමයට සහාය දක්වන රුසියානු හමුදා එල්ල කළ තවත් ප්‍රහාරයකින් ඉරිදා 14 දෙනෙක් මරුමුවට පත්වූහ.
සිරියානු ගුවන් හමුදා බැරැල් බෝම්බ යොදාගනිමින් කළ ප්‍රහාරයකින් සිවිල් වැසියන් 4 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. මේ අයුරින් සිරියානු රජයේ හමුදා සහ රුසියානු හමුදා එල්ල කළ ප්‍රහාරවලින් ඉරිදා පමණක් සිවිල් වැසියන් 20 දෙනකු ජීවිතක්ෂයට පත්වූ බව මානව හිමිකම් නිරීක්ෂණය සඳහා වූ සිරියානු සංවිධානය සඳහන් කළේය.
ඒ.එෆ්.පී.
055


2025 දෙසැම්බර් මස 18
33
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
123
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඩැමැස්කම් - ඇලෙප්පෝ අතර නගර මාර්ගය සිරියානු හමුදා පාලනයට