අනුන්ගේ කෘතිවලින් කොටස් කොපි කර, ව්‍යාජ ලෙස නිබන්ධනයක් පළ කර, ආචාර්ය උපාධිය ලබා ගත් බවට චෝදනා එල්ල වී, ජනතා අප‍්‍රසාදයට ලක් ව සිටි හංගේරියා ජනාධිපති පෑල් ෂ්මිට් ඊයේ (3) සිය ධුරයෙන් ඉල්ලා අස්වූයේය.
ජනාධිපති ෂ්මිට්ට විරුද්ධව ජනතාව මෙහෙයවූයේ හංගේරියා විපක්ෂ දේශපාලන කණ්ඩායම්ය. නිබන්ධනය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වීමත් සමඟ පසුගිය දින කීපය පුරාම ජනපතිවරයාට එරෙහිව විරෝධතා රැුලි පැවැත්විණි.
විරෝධතාකරුවන් ප‍්‍රශ්න කළේ නිබන්ධනයක් ව්‍යාජ අයුරින් සකස් කළ තැනැත්තකු සාධාරණ අයුරින් රටක් පාලනය කරන්නේ කෙසේ ද යන්නයි. ෂ්මිට්, එම නිබන්ධනය සකස් කර ඇත්තේ 1992 වසරේදීය.
ජනපතිවරයාගේ එම ඉල්ලා අස්වීමෙන් පසු දින 30 ක් ඇතුළතදී නව ජනපතිවරයකු පත් කර ගත යුතුව ඇත. එතෙක් අන්තර්වාර ජනපතිවරයා ලෙස පාර්ලිමේන්තුවේ කතා නායක ලස්ලෝ කෝවෝ කටයුතු කරනු ඇත.
වසර 2010 දී බලයට පත් ෂ්මිට්, වත්මන් හංගේරියානු අගමැති වික්ටර් ඕස්බෝන්ගේ ද සමීපතම මිතුරෙකි.
ෂ්මිට් ආචාර්ය උපාධිය සඳහා පළ කළේ ඔලිම්පික් කී‍්‍රඩාවේ ඉතිහාසය නැමැති නිබන්ධනයයි.
එහි වෙනත් කෘතිවල කොටස් ඒ අයුරින්ම ඇතුළත් කර ඇති බවට මුලින්ම චෝදනා කරමින් බුඩාපෙස්ට් නුවර සෙමෙල්ව්ට්ස් විශ්ව විද්‍යාලය, ෂ්මිට්ගේ ආචාර්ය උපාධිය අවලංගු කළේ ඉකුත් සිකුරාදා (30) ය.
2025 දෙසැම්බර් මස 04
183
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
372
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
383
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අනුන්ගෙන් කොපි කළ නිබන්ධනයක් පෙන්වා ආචාර්ය උපාධියක් අරන්
සංජය Wednesday, 04 April 2012 10:25 AM
අපරාදෙ ලංකාවට ආවනම් නිබන්ධන නැතුව උපාදි ගන්න තිබුණා.
කලු සුදු Wednesday, 04 April 2012 12:08 PM
ලංකාවෙ සීයක් ගත්තොත් 95ක්ම හොර උපාධි..