IMG-LOGO

2025 නොවැම්බර් මස 25 වන අඟහරුවාදා


ස්නෝව්ඩන්ට රුසියාවේ රැකවරණ හිමිවීම:

ඇමෙරිකා රජය සහ සී.අයි.ඒ. බුද්ධි අංශය, එරට එන්.එස්.ඒ. හෙවත් ජාතික ආරක්ෂක ඒජන්සිය හරහා රහසේ සිදු කළ ඔත්තු බැලීම් ලොවට හෙළි කළ ඇමෙරිකන් ජාතික එව්ඩව් ස්නෝව්ඩන්ට රැකවරණ දීමට රුසියාව කැමැත්ත පළ කිරීම ඇමෙරිකාවේ විරෝධයට හේතුවක් වී ඇත.
රුසියානු රජය, ස්නෝව්ඩන්ට රැුකවරණ ලබා දීමට කටයුතු කළේ ඉකුත් සිකුරාදාය. එන්.එස්.ඒ. ඒජන්තවරයකු ද වන 30 හැවිරිදි ස්නෝව්ඩන්, ඇමෙරිකා රජයේ ඔත්තු බැලීමේ රහස් මාධ්‍යවලට ප‍්‍රසිද්ධ කළේ ඇමෙරිකාවෙන් පිටවී හොංකොං දේශයට පැමිණීමෙන් පසුවය. ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව ඔහුට එරෙහිව චෝදනා ගොනු කර ඔහු අත්අඩංගුවට ගැනීමට තැත් කළ අවස්ථාවේදී ඔහු රුසියාවට පලා ගියේය. ඒ, රුසියානු රජයේ අනුදැනුම මතය.
මොස්කව් නුවරට පැමිණි පසු ස්නෝව්ඩන්ට මොස්කව් ගුවන් තොටුපොළක කොටු වීමට සිදුවිය. ඒ, ඇමෙරිකා රජය ඔහුගේ බලත‍්‍රය අහෝසි කිරීම නිසාය. ගුවන් බලපත‍්‍රය අවලංගු කර ඇති නිසා ඔහුට වෙනත් රටකට යෑමට හැකියාවක් නැත. ස්නෝව්ඩන්, ලතින් ඇමෙරිකානු රටවලින් ආරක්ෂාව ඉල්ලූව ද ඔහුට එම ආරක්ෂාව නොලැබුණි.



අදහස් (0)

ස්නෝව්ඩන්ට රුසියාවේ රැකවරණ හිමිවීම:

සිල්වා Monday, 05 August 2013 07:21 PM

එන්නකෝ අනේ අපේ රටට,ඕන කෙනෙක් සාදරයෙන් අපි පිලි ගන්නෙමු

:       0       0

හේලි Tuesday, 06 August 2013 07:04 AM

ඇමෙරිකාවේ දේශපාලන රැකවරණ ලබාගෙන ජීවත්වෙන රුසියානුවන් දහස් ගණන් ඉන්න බව ලෝකයම දන්නා කරුණක්. ප්‍රභාකරන් වගේම විවිධ ත්‍රස්තවාදීන් නිර්මාණය කරන්න පෝෂණය කරන්න රැකගන්න ඇමෙරිකානු භූමිකාව ගැන සමස්ථ ලෝක ජනතාවම නොදන්නා බව මේ අය හිතාගෙන ඉන්නවද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 109 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 195 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1057 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site