ඩුබායිහිදීය (රොයිටර්)
සම්බාධක පැවැතිය ද දිගටම බොරතෙල් අපනයනය කරන බව ඉරාන ජනාධිපති හසන් රොව්හානි අද (19) පැවැසීය.
ඇමෙරිකා එක්සත් ජනපදය ඉරානයට සම්බාධක පැනවූයේ ඒ සම්බාධක නිසා ඉරානය කඩා වැටෙනු ඇතැයි බලාපොරොත්තුවෙන් බවත් කිසිදු අවස්ථාවකදී ඇමෙරිකාවේ බලාපොරොත්තු ඉටු නොවන බවත් හෙතෙම කීය.
ඇමෙරිකා එක්සත් ජනපදය ඉරානයට එරෙහිව මනෝමය යුද්ධයක් ආරම්භ කර ඇති බව ද ඔහු කීය.
“ඇමෙරිකාව අපට චෝදනා කරනවා. කලාපයේ ප්‍රශ්න ඇති කළේ අප යැයි ඇමෙරිකාව චෝදනා කරනවා. යේමනයේ සිට ඉරාකය දක්වා ප්‍රශ්න ඇති කළේ අපි යැයි ද කියනවා. අපි මේ පීඩනයට යටත් වෙන්නේ නැහැ. මෙය ඉරානයට එරෙහිව ආරම්භ කර තිබෙන මනෝ යුද්ධයේ කොටසක්. අපේ අපනයන නැවැත්වීමට ඔවුන් අසමත් වී තිබෙනවා. අපි දිගටම බොරතෙල් අපනයනය කරනවා” යැයි ද ඉරාන ජනාධිපතිවරයා කීවේය.
2025 දෙසැම්බර් මස 18
586
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
289
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1089
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘ඇමෙරිකාවේ බලාපොරොත්තු ඉටු වෙන්නේ නැහැ’