IMG-LOGO

බ්‍රිතාන්‍යයේ ඉංග්‍රීසි බැරි මුස්ලිම් කතුන් අමාරුවේ

බ්‍රිතාන්‍යයේ සිටින ඉංග්‍රීසි භාෂාව නොදන්නා මුස්ලිම් කාන්තාවන් රටින් පිටුවහල් කරන බව එරට අගමැති ඩේවිඩ් කැමරන් බ්‍රිතාන්‍යයේ පැවැත්වූ සම්මන්ත්‍රණයකදී ප්‍රකාශ කර ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.

කාන්තාව හා භාෂාව සම්බන්ධ සම්මන්ත්‍රණයක් අමතමින් ඔහු මේ බව කියා ඇත.

බ්‍රිතාන්‍ය අගමැතිවරයා පවසා ඇත්තේ තම රටේ මව් භාෂාව නොදැන සිටීම ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් වන බැවින් එම තීරණය ගත් බවයි. ඒ අනුව බ්‍රිතාන්‍යයේ සිටින සියලු මුස්ලිම් කාන්තාවන් ඉංග්‍රීසි භාෂාව ඉගෙනීම අත්‍යවශ්‍ය බව ඔහු කියයි.

කැමරන් වැඩිදුරටත් කියා සිටියේ මුස්ලිම් කාන්තාවන්ගේ ඉංග්‍රීසි භාෂා ඥානය වැඩිදියුණු කිරීම සඳහා බ්‍රිතාන්‍ය පවුම් මිලියන 20ක් වෙන්කරන බවයි.

british_2016120

 



අදහස් (0)

බ්‍රිතාන්‍යයේ ඉංග්‍රීසි බැරි මුස්ලිම් කතුන් අමාරුවේ

බෙන්තර මහේෂ් Wednesday, 20 January 2016 07:08 AM

ඔය කතන්දරය හෙට වෙනකොට සංශෝධනයට හෝ ඉල්ලා අස්කර ගන්න තැනට පත්කර ගැනීමට කටයුතු කරනවා නම් මම කැමතියි (නි)

:       0       0

පිටබැද්දර ජයා Wednesday, 20 January 2016 12:50 PM

හැබැයි ඉතින් කාන්තාවෝ ඉංග්‍රීසි ඉගෙනගත්තට පස්සේ බැඳපු මිනිසුන්ට වෙන්නේ රෙදි පෙරෙදි අකුලාගෙන තමන්ටම පිටුවහල් වෙන්න. අපි නොදන්නා කාන්තාවෝ! (නි)

:       0       0

බණ්ඩාර Thursday, 21 January 2016 08:05 AM

මීටවඩා හොඳයි සුද්දා අරාබි ඉගෙනගත්තා නම් ... (නි)

:       0       0

ටානියා Thursday, 21 January 2016 02:05 AM

මමත් මේ බලාගෙනයි ඉන්නේ වෙන්නේ මොකක්ද කියලා (නි)

:       0       0

නිමල් ලලිත Thursday, 21 January 2016 02:41 AM

නිලංග,ඔබ ඔය කියන රට ගැන මමත් දන්නවා. මිනිස්කමට සැළකීම අතින් ඉතාමත් ඉහළ රටක්. ඔය කරන කෙරුවාවට කවදාහරි දේශපාලන බල පෙරේතයන් එහෙත් බෝවුණු දවසක විඳවන්නට වේවි. මමත් ඔය කියන රටේ අවුරුදු තුනක් විතර සිටියා. (නි)

:       0       0

නිමල් ලාලිත Wednesday, 20 January 2016 02:09 PM

කෙවින් මහත්මයෝ ලංකාවේ සිටින්නේ රටට ආදරේ ඇති දේසපාලකයෝ නෙවෙයි.බඩ ගෝස්තරවාදී දේශපාලන බල පෙරේතයෝ. එ්කනේ ලංකාවේ රාජ්‍ය භාෂා දෙකක් තියෙන්නේ. පුදුමය එ්ක නෙවෙයි අපිට මානව හිමිකම් උගන්වන කැමරන්ලා ඒගොල්ලානේ රටේ ඉංග්‍රීසි භාෂාව පමණක් රාජ්‍ය භාෂාව වශයෙන් යොදන හැටි සහ ඔවුන්ගේ පදයට නටන ලංකා රජයේ ක්‍රියා කලාපය. (බ)

:       0       0

පරාක්‍රම Wednesday, 20 January 2016 08:38 AM

බෙන්තර මහේෂ් මේ රටේ තමයි ඔහොම වැඩ කරන්නේ, ඡන්ද අපේක්ෂාවෙන්. (බ)

:       0       0

අමල් Thursday, 21 January 2016 08:52 AM

ලංකාවට සිංහල ,දෙමල, කියන භාෂාවල් දෙක හොඳටම ඇති. (ර)

:       0       0

කෙවින් Wednesday, 20 January 2016 09:19 AM

ලංකාවෙත් සිංහල භාෂාව දැනගැනීම අනිවාර්ය කළ යුතුයි දෙමල මුස්ලිම් ගොඩක් අය සිංහල දන්නෑ ඒ ගැන ලජ්ජා විය යුතුයි. ලංකාවේ විතරයි සිංහල තියෙන්නේ එ්කවත් පරිස්සම් කරගන්න ඔයිට වඩා රජය වැඩ කළ යුතුයි (බ)

:       0       0

මහින්ද සෞදි Wednesday, 20 January 2016 02:49 PM

ඉංග්‍රීසි කවියක් මතක් වුණා, අයි නෝ ද යූ නෝ. යූ නෝ ද හූනෝ. මාගරට් නෝනෝ. ගහපන් පියානෝ (බ)

:       0       0

මිනිපෙ Thursday, 21 January 2016 05:19 PM

භාෂාවක් හෝ සංස්කෘතියක් අනුගමය කිරීම තමන් සතු ගෝලීය ප්‍රජාතන්ත්‍රවාදී හිමිකමක්.(‍රේ)

:       0       0

ප්‍රසන්ත Wednesday, 20 January 2016 03:16 PM

කෙවින් ඔබ සමග එකගයි . එ්ත් ඇයි සිංහල විතරක් ? සිංහල අපිත් දෙමල භාෂාව උගෙන ගත්තොත් නරකද ? සිරි ලාංකිකයින් සැම සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනම උගෙන ගත්තානම් අද රට මීට වඩා සංස්කෘතියෙන් සභ්‍යත්වයෙන් සහ සහජීවනයෙන් දියුණු වෙලා නොවේද? (බ)

:       0       0

සහන් Thursday, 21 January 2016 04:53 AM

අපේ රටේ මුස්ලිම් ජනයා ඒ අතින් සෑහෙන ඉදිරියෙන් ඉන්නේ. ඒ ගොල්ලොන්ට රටේ තිබෙන භාෂාවන් තුනම පුළුවන් (නි)

:       0       0

ටනියා Wednesday, 20 January 2016 04:47 AM

දැන් පරක්කු වැඩි අගමැතිතුමා (ම)

:       0       0

නිලංග Wednesday, 20 January 2016 05:12 AM

හපොයි මම ඉන්න රටේ ඉංග්‍රීසි බැරි තරමට අනුකම්පා කරලා ඔක්කොම පහසුකම් සපයනවා . කට සහ අත පය හොල්ලන්නෙ නැතිව ඩෝල් එක ලැබෙනවා . ඉංග්‍රීසිත් දැනගෙන රැකියාවක් කරන්න ලැස්ති මිනිස්සුන්ගේ ආදායම මේගොල්ලන්ට වැඩිය අඩුයි. (බ)

:       0       0

ඩී.උපුල් Wednesday, 20 January 2016 05:31 AM

එංගලන්තේ සුද්දන්ට අරාබි භාෂාව ඉගෙන ගන්න වෙනවා ළඟදීම. (බ)

:       0       0

සුපුන් Wednesday, 20 January 2016 05:33 AM

මාරු ප්‍රජාතන්ත්‍රවාදය නේද ..අපේ අයත් මහා ඉහළින් පිළිගන්නේ මෙයාලනේ, බකිංහම් මාලිගාවේදී මේස් ගලවල අතදුන්නයි කියලත් අපිට පොඩි ආඩම්බරයක් දුන්නනේ ඉතින්. කොහොමද ලංකාවේ සිංහල බැරිනම් පලයව් කිව්වනම් . මුන්ම අපට විරුද්ධව මානව හිමිකම් ගෙන එයි (බ)

:       0       0

ද සිල්වා බර්ලින් Wednesday, 20 January 2016 05:40 AM

සුපුන්, ලංකාවේ සිංහල බැරි නම් යන්න කියන්න බැහැ. ඒකට හේතුව ලංකාවේ රාජ්‍ය භාෂා 3 ක් තිබීම. එංගලන්තේ ඉංග්‍රීසි බැරි නම් කාන්තාවන් පිටුවහල් කරනවා කියන්නේ ඔවුන්ගේම හොඳට. බොහෝවිට අරාබි සම්භවයක් ඇති පිරිමි එම රටවලින් කාන්තාවන් විවාහ කරගෙන යුරෝපයට රැගෙනවිත් ඔවුන්ට තනියම එළියටවත් බහින්න ඉඩනොදී ගෙදර ඇතුළෙම තියාගෙන ඉන්නවා. ඉංග්‍රීසි ඉගෙනගැනීම ඔවුන් හිතාමතම වළකනවා. මෙම නීති නිසා කාන්තාවන්ට ඉංග්‍රීසි ඉගෙනගැනීමට යම්කිසි අවස්ථාවක් ලැබෙනවා (නි)

:       0       0

ටානි Wednesday, 20 January 2016 08:35 PM

අපේ රටටත් මේවා එයිද දන්නෙ නැහැ (නි)

:       0       0

සමන්ති Friday, 22 January 2016 01:18 AM

භාෂාවක් දැනගැනීම අතිරේක වාසියක් බව නොදන්නේ නම් ඔහු මෝඩයෙකි (නි)

:       0       0

අබය Wednesday, 20 January 2016 09:27 PM

කළ කළ දේ පළ පළ දේ කියන්නේ ඕකට තමයි. (නි)

:       0       0

ශාෆික් Wednesday, 20 January 2016 06:19 AM

ද සිල්වා බර්ලින්, ඔබ හරි. මම කියන්නේ සෑම ශ්‍රී ලාංකිකයෙක්ම අනිවාර්යයෙන් සිංහල දැන සිටිය යුතුයි (නි)

:       0       0

නාමල් Wednesday, 20 January 2016 06:17 AM

සුපුන්, එන්ගලන්තයේ ඉංග්‍රීසි බැරි කාන්තාවෝ මිනිසුන්ගේ වදකාරියෝ බවට පත්වෙනවා. ඒ කාන්තාවන්ට ස්වාධීනව ජීවිතය ගෙනියන්න බැහැ. මේක ඒ කාන්තාවන්ගේ යහපත වෙනුවෙන් ගන්නා තීරණයක්. ඔබ කරුණු හොයා බලා කතාකරන්න. (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Wednesday, 20 January 2016 10:04 PM

දෙමළ, මුස්ලිම් වැඩිහරියක් සිංහල කතාකරනවා. ඉංග්‍රීසිත් පුළුවන්. සිංහල අපිට තමා දෙමළ බැරි. මේ අඩුපාඩුව තේරෙන්නේ පිටකොටුවේ කඩේකට බඩුවක් මුට්ටුවක් ගන්න ගියාමයි. අපිත් දෙමළ ඉගෙනගන්න ඕනෑ (නි)

:       0       0

ප්‍රභාත් Friday, 22 January 2016 02:20 AM

දැන් එංගලන්තය මුස්ලිම් කොලනියක් වෙලා ඉවරයි. දැන් එංගලන්ත පුරවැසියන්ට මුස්ලිම් වීම තමයි ඉතුරුවෙලා තියෙන්නේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 35 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 606 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site