
රුසියානු - යුක්රේන සාම සාකච්ඡා දෙවැනි වටය අද (2) දින පැවැත්වීමට නියමිත බව රුසියානු ටාස් පුවත් සේවය වාර්තා කරයි.
පළමු වටයේ සාම සාකච්ඡා පසුගිය (28) පැය පහක් පුරාවට පැවති අතර එහිදී දෙපාර්ශවයට එකඟතාවයකට පැමිණීමට හැකියාවක් ලැබී තිබුනේ නැත.
අද (2) දෙවැනි වටයේ සාම සාකච්ඡා බෙලරුස්-පෝලන්ත දේශසීමාව අසල පැවැත්වීමට නියමිත බව රුසියානු පුවත් සේවා පවසයි.
බෙලරූසය රුසියන් හිතවාදී රාජ්‍යයක් වන අතර, පෝලන්තය නේටෝ සාමාජික රාජ්‍යයක් වන අතර යුක්රේනයේ මිතුරෙකි.
දෙවැනි වටයේ සාකච්ඡා පැවැත්වීම ගැන අදහස් දක්වමින් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි පැවසුවේ තමන් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමග සාකච්ඡා කිරීමට සුදානම් බවයි.
එසේම සාම සාකච්ඡා සාර්ථක කර ගැනීමට නම් සාකච්ඡා පවත්වන අතරතුර මිසයිල එල්ල කිරීම නතර කළයුතු බව ජනාධිපති සෙලෙන්ස්කි අවධාරණය කළේය.
බෙලරුස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකශෙන්කෝ පැවසුවේ රුසියානු - යුක්රේන සාම සාකච්ඡා දෙරට නායකයන් අතර හමුවක් දක්වා වර්ධනය විය හැකි බවය.
කෙසේ නමුත් මෙම ප්‍රකාශයට පිළිතුරු දෙමින් ක්‍රෙම්ලිනයේ මාධ්‍ය ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් පැවසුවේ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි අතර හමුවක් සිතීමට මෙය කාලය නොවන බවය.
(රොයිටර්)
යුක්රේන-රුසියා අර්බුදය:- වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
220
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සාම කතා දෙවැනි වාරය අද