
‘වන් ඩිරෙක්ෂන්’ නමැති බ්‍රිතාන්‍ය සංගීත කණ්ඩායමේ හිටපු සාමාජික ගායක ලියම් පේන්ගේ මරණය සම්බන්ධයෙන් ආජන්ටිනා පොලිසිය තිදෙනකු අත්අඩංගුවට ඇත.
ලියම් පේන් මියගියේ, ආජන්ටිනාවේ හෝටලයක නවාතැන්ගෙන සිටිද්දී, එහි ජනේලයකින් ඇද වැටීමෙනි. ලියම් පේන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අයකු බව ද පැවැසිණි.
අත්අඩංගුවේ පසුවන තිදෙනා ලියැම් පේන් සමීපව ඇසුරු කළ පුද්ගලයන්ය. මත්ද්‍රව්‍ය සැපැයීම සම්බන්ධයෙන් ද මොවුන් තිදෙනාට චෝදනා එල්ල වී ඇති අතර, ආජන්ටිනා බලධාරීන් එම තිදෙනාගේ අනන්‍යතාව මෙතෙක් අනාවරණය කර නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd