
රුසියාවත්, ඉරානයත් එක් වී, බ්‍රිතාන්‍යය අස්ථාවර කිරීමට කුමන්ත්‍රණය කරනවා යැයි බ්‍රිතාන්‍යයේ එම්.අයි.5 බුද්ධි අංශ ප්‍රධානී කෙන් මැකලම් අනතුරු අඟවයි.
සමාජ මාධ්‍ය ඔස්සේ, බ්‍රිතාන්‍ය තරුණ තරුණියන් පමණක් නොව, අපරාධ කල්ලි සාමාජිකයන් හවුල් කර ගනිමින් ඔවුන් ලවා ඝාතන කිරීම, කඩාකප්පල්කාරී ක්‍රියා සිදු කිරීම රුසියාවේත්, ඉරානයේත් අරමුණ වී ඇතැයි ද එම්.අයි.5 බුද්ධි අංශ ප්‍රධානී කෙන් මැකලම් ලන්ඩන් නුවර පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී පැහැදිලි කළේය.
(ඒ.එෆ්.පී.)
COMMENTS
රුසියන් නැව් වලට හෙම ගහන්න බ්‍රිතාන්‍ය සෑහෙන ආයුධ ලබා දෙනවානේ යුක්‍රේනයට. ඒවාට කලගුණ නොසලකා කොහොමද...?
අවුරුදු ගණනාවක සිට ඉතිහාසයේ සිදුවීම් දෙස ආපසු හැරී බැලුවොත් තේරේවි මිතුරු වෙසින් සිටින නියම සතුරා කවුද කියා..
රට අස්ථාවර කරන්නේ රුසියාවයි, ඉරානයයි නෙමෙයි. ජාතිවාදය අවුස්සලා මගඩියෙන් බලයට ආපු අගමැතියා. රට ගොඩනගන්න කිසිම සැලැස්මක් නැහැ. ජනතාව මත අධික බදු බරක් පටවලා ඔළුව කස කසා ඉන්නවා. තව වසර කීපයක් යද්දී මේකත් තුන්වෙනි ලෝකයේ රටක් වගේ වෙනවා නියතයි...!