
රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන්, තමන් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට දුරකතන ඇමතුමක් දී සාකච්ඡා කළ බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ට්‍රම්ප් මේ බව පවසා ඇත්තේ ඇමෙරිකාවේ ‘නිව්යෝක් ටයිම්ස්’ පුවත්පතේ මාධ්‍යවේදීන් සමඟය. ‘රුසියන් ජනාධිපතිතුමා මිනිස්සු මැරෙනවාට කැමැති නැහැ. ඔහුටත් ඕනෑ යුද්ධය ඉක්මනින් අවසන් කරන්නයි.’ යැයි ඇමෙරිකන් ජනාධිපති පුටින් පැහැදිලි කර ඇත.
ට්‍රම්ප් පසුගිය ජනවාරි 20 වැනිදා ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත්වූයේ රුසියන් යුක්රේන යුද්ධය, දිනක් ඇතුළත අවසන් කරන බව පවසමිනි. කෙසේ නමුත් ඔහුට තවමත් එය සාර්ථක කර ගැනීමට හැකියාව ලැබී නැත.
රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් ට්‍රම්ප් ඉදිරිපත් කරන යෝජනාවලට කන් දීමට තමන් සුදානම් බව රුසියන් ජනාධිපති පුටින් ද අවස්ථා ගණනාවකදී පවසා තිබේ.
කෙසේ නමුත් රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන්, ට්‍රම්ප් සහ පුටින් අතරේ දුරකතන සංවාදයක් පැවැත්වූයේ ද නැද්ද සම්බන්ධයෙන් ධවල මන්දිරය හෝ ක්‍රෙම්ලීනය හෝ කිසිවක් තහවුරු කර නැත.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd