යුක්රේන අර්බුදයට සෘජුව මැදිහත් වීම, රුසියාවට එරෙහිව යුද්ධයකට මුල පිරීම බවත්, එය තෙවැනි ලෝක යුද්ධය දක්වා පමණක් නොව, න්‍යෂ්ටික යුද්ධයක් දක්වා දිග්ගැස්සෙනු ඇති බවත් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පැහැදිලි කරයි.

යුක්රේන යුද්ධයේදී රුසියානු හමුදා රසායනික අවි භාවිතයට ගනිමින් ප්‍රහාර එල්ල කිරීමට සූදානම් වෙනවා යැයි ඇමෙරිකන් බුද්ධි අංශ පවා අනාවරණය කර තිබේ.

රුසියාව එසේ රසායනික අවි භාවිතයට ගනිමින් පහර දීම් කළොත්, රැසියාවට ඒ සම්බන්ධයෙන් බරපතල ලෙස වන්දි ගෙවීමට සිදුවනු ඇතැයි බයිඩන් අවධාරණය කර තිබේ.

(රොයිටර්)

යුක්රේන-රුසියා අර්බුදය:- වැඩිදුර තොරතුරු සඳහා මෙතැනින් පිවිසෙන්න