
රුසියන් යුක්රේන යුද්ධය නිමා කිරීමට, යුක්රේනයේ සහභාගීත්වයකින් තොරව, රුසියන් සහ ඇමෙරිකන් නියෝජිතයන් අතරේ සාකච්ඡා පැවැත්වීම සම්බන්ධයෙන් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී මැසිවිලි නැගීම, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විරෝධයට හේතුවක් වී ඇත.
‘මම ඇත්තටම කනගාටුයි, යුක්රේන ජනාධිපතිවරයා කියනවා, සාකච්ඡා සඳහා ඔවුන්ට අවස්ථාවක් නොදුන් එක වැරදි බව. ඒත් අවුරුදු තුනක් තිස්සේ යුද්ධය දුරදිග ගියා. ඔවුන්ට අවුරුදු තුනක් තිබුණා සාකච්ඡා කරලා විසඳුමකට යන්න. ඒත් එහෙම කළේ නැහැ.’ යැයි ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් පැහැදිලි කර ඇත.
‘රුසියන් යුක්රේන යුද්ධය අවසන් කරන්න මට බලය තිබෙනවා. මම එය කරනවා.’ යැයි ට්‍රම්ප්, සෞදියේ පැවැති සාකච්ඡා සම්බන්ධයෙන් වැඩි දුරටත් අදහස් දක්වා තිබේ.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න එඩිතර, කෙලින් මිනිස්සු. මෑත ලංකාවේ තමන්ගේ රටේ මිනිස්සු වෙනුවෙන් නිර්භයවම පෙනී සිටි නායකයෙකුට හිටියේ මහින්ද ජනාධිපතිතුමා විතරයි. නාමල් පුතාත් ඒ අඩි පාරේ ගියොත් හොඳයි.