
ඇමෙරිකාව මීට පෙර ද මේ අයුරින් ඉරානයට චෝදනා කර තිබුණත්, නිල වශයෙන් එම චෝදනා ඉදිරිපත් කළ පළමු අවස්ථාව වන්නේ ද මෙයයි.
‘රුසියාවට ඉරානයෙන් කෙටි දුර බැලැස්ටික මිසයිල තොගයක් නැව් මගින් ලැබී තිබෙනවා. ඉදිරි දිනවලදී රුසියාව යුක්රේනයට පහර දීමට එම මිසයිල යොදා ගනීවි.’ යැයි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ලන්ඩන් නුවරදී පැවැසුවේය.
ඇමෙරිකන් රාජ්‍ය ලේකම් බ්ලින්කන්, ඉරානයට මෙසේ චෝදනා නැගුවේ බි්‍රතාන්‍ය විදේශ ලේකම් ඩේවිඩ් ලැමී හමුවී සාකච්ඡා පැවැත්වූ අවස්ථාවේදීය. රුසියන් යුක්රේන යුද්ධය පමණක් නොව, ඊශ්‍රායල හමාස් යුද්ධය සම්බන්ධයෙන් ද බ්ලින්කන් සහ ඩේවිඩ් ලැමී අතරේ දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්විණි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd