
දකුණු කාශ්මීරයේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සැලවීමත් සමඟ, සෞදි නිල සංචාරය අතරමඟ නවත්වා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කඩිනමින් ආපසු ඉන්දියාවට පැමිණියේය.
කාශ්මීර බෙදුන්වාදී ත්‍රස්තයන්, ඉන්දීය සංචාරකයන් ඉලක්ක කර ගනිමින් වෙඩි තැබුවේ 22 දා ය. එම වෙඩි තැබීම්වලින් 28 දෙනකු ජීවිතක්ෂයට පත්වූ අතර තවත් බොහෝ දෙනෙක් තුවාල ලැබූහ. වෙඩි තැබීම් සිදුවූයේ සංචාරකයන් බහුලව ගැවසෙන පහල්ගම් නමැති පළාතේය. ඉන්දු කාෂ්මීරයේ සිදුවුණු දරුණුතම ත්‍රස්ත ප්‍රහාරයක් ලෙස මෙය සැලකෙයි. හල්ගම් පිහිටා ඇත්තේ, බයිසරාන් නිම්නයේය.
ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි, සෞදි අරාබියේ සංචාරයකට ගියේ, සෞදිය සමඟ ද්වී පාර්ශ්වීක සබඳතා ශක්තිමත් කර ගැනීම සඳහාය. මෝදි, සෞදියේ ජෙඩා අගනුවර බලා ගියේ තෙවැනි වරටය.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ජෙඩා බලා ගියේ, ඇමෙරිකන් උප ජනාධිපති ජේඩී වැන්ස් හමුවීමෙන් අනතුරුවය. ජේඩී වැන්ස් පවුලේ සාමාජිකයන් ද සමඟ ඉන්දියාවට පැමිණියේ පසුගිය 20 වැනිදාය.
ජෙඩා නුවරට ගිය අග්‍රාමාත්‍ය මෝදිට, මහ ඉහළින් පිළිගැනීමක් හිමිවිය. මෝදි වෙනුවෙන් සෞදියේ ඔටුන්න හිමි සල්මාන් රජු රාත්‍රී භෝජන සංග්‍රහයක් සංවිධානය කර තිබුණු නමුත්, දකුණු කාශ්මීරයේ වෙඩි තැබීම සැලකිල්ලට ගනිමින් මෝදි ඊට සහභාගී නොවී ආපසු ඉන්දියාවට පැමිණි බව ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේය.
ත්‍රස්ත ප්‍රහාරය සැලවුණු සැණින් ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා, ජම්මු කාශ්මීරයේ ශ්‍රී නගර් නුවර බලා ගිය බවත්, අතරමගදී ඔහු සහ අග්‍රාමාත්‍ය මෝදි අතරේ දුරකතන සංවාදයක් පැවැති බවත් පැවැසෙයි.
ත්‍රස්තයන්ගේ වෙඩි ප්‍රහාරයෙන් කුවාල ලැබූවන් හමුදා හෙලිකොප්ටර්වලින් රෝහල් වෙත රැගෙන යෑම සිදුවුණු අතර ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදීන් සොයා ඉන්දීය හමුදාව මෙහෙයුම් ආරම්භ කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
2025 දෙසැම්බර් මස 04
677
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මෝදි ආපසු එයි
fairoosmr Thursday, 24 April 2025 01:31 PM
ඒකට අපේ හිටපු ජනාධිපති සිංගප්පූරුවේ ඉඳලා එන්න දවස් 3ක් ගියා. පාස්කු වෙලාවේ...