IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


බයිඩන්-හැරිස් විදෙස් සංචාර අවලංගුයි

 
ලොස් ඇන්ජලීස් නුවර පැතිර යන දරුණු ළැව් ගිනි හේතුවෙන්, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පමණක් නොව, උප ජනාධිපතිනී කමලා හැරිස් ද ඔවුන්ගේ විදෙස් සංචාර අවලංගු කර ඇත.බයිඩන් මෙන්ම, හැරිස් ද ලබන ජනවරි 20 වැනිදා ඔවුන්ගේ ධුරවලට සමුදීමට නියමිතය. ඒ, නව ජනාධිපති ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් දිවුරුම් දෙන බැවිනි.
 
බයිඩන් සිය අවසන් විදෙස් සංචාරය ලෙස රෝමයටත් වතිකානයටත් යෑමට සූදානමින් සිටියේය. කමලා හැරිස් සිය අවසන් විදෙස් සංචාරය ලෙස තෝරාගෙන තිබුණේ සිංගප්පූරුව, බහරේනය සහ ජර්මනියයි.
 
ඉවක් බවක් නොමැතිව පැතිරෙන ළැව් ගිනි හේතුවෙන් මේ වනවිට ලොස් ඇන්ජලීස් නගරයේ, අක්කර 28,000ක් මුළුමනින්ම විනාශ වී ඇතැයි ද පැවැසෙයි. වියලි සුළං ළැව් ගිනි පැතිර යෑමට හේතුවක් වී ඇත. ලොස් ඇන්ජලීස් නුවර ඉතිහාසයේ එරට පැතිර යන දරුණුතම ළැව් ගිනි තත්ත්වය මෙය යැයි පැවැසෙයි.
 
ළැව් ගිනි හේතුවෙන් ලොස් ඇන්ජලීස් නුවර වාතයේ ගුණාත්මකභාවය දරුණු ලෙස පහත වැටී ඇතැයි ද වාර්තා වේ. මෙය ඉන්දියාවේ නවදිල්ලි අගනුවර වායු ගුණත්වයට වඩා පහළ අගයක් ගැනීම විශේෂත්වයකි.
 
මේ වනවිට දරුණු ළැව් ගිනි 6 ක් ලොස් ඇන්ජලීස් නගරයේ ස්ථාන කීපයක ව්‍යාප්ත වන බවත් ළැව් ගිනිවලට හසුවීමෙන් පස් දෙනකු ජීවිතක්ෂයට පත් වී ඇති බවත් වාර්තා වේ. ආරක්ෂිත ස්ථාන වෙත යොමු කෙරුණු ගණන 137,000 කි.



අදහස් (1)

බයිඩන්-හැරිස් විදෙස් සංචාර අවලංගුයි

Srinath priyantha karunarathna Saturday, 11 January 2025 07:27 PM

ලෝකයේ බලවතා.., ගින්න නිවාගන්න බැරි... සොබා දහමට උඩින් කාටවත් යන්න බැහැ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 92 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2026 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1564 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site