
ධුරයෙන් සමු ගැනීමට සූදානමින් සිටින ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, සිය පුතු හන්ටර් බයිඩන්ට ජනපති සමාව ලබා දී ඇත.
බයිඩන්, සිය බලතල භාවිතයට ගනිමින්, පුතු බයිඩන්ට සමාව දීම කිසිසේත් අනුමත කළ නොහැකි යැයි ප්‍රතිවාදී රිපබ්ලිකන්වරු චා්දනා නගති.
54 හන්ටර් බයිඩන්ට බරපතල චෝදනා දෙකක් එල්ල වී ඇති අතර, අධිකරණය හමුවේ එම චෝදනා දෙකටම ඔහු වරදකරු වී සිටී. පියා ජෝ බයිඩන්, පුතු හන්ටර්ට ජනාධිපති සමාව දුන්නේ, හන්ටර් බයිඩන්ට දඬුවම් නියම කිරීමට සූදානම් වෙද්දීය.
තමන්ගේ තීරණය සම්බන්ධයෙන්, ජෝ බයිඩන් මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත්තේ, තම පුතාට අසාධාරණ අයුරින් චෝදනා එල්ල වූ බවත්, එම චෝදනා හමුවේ ඔහු හුදෙකලා වීම සැලකිල්ලට ගනිමින් ඔහුට සමාව දීමට තීරණය කළ බවත්ය.
හන්ටර් බයිඩන් ඇමෙරිකන් නීතීඥවරයකු මෙන්ම ව්‍යාපාරිකයකු ද වෙයි. කලක් ඔහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටියේය. එම කාලයේ ඒ බව වසං කරමින්, හන්ටර් බයිඩන් ගිනි අවියක් මිලදී ගෙන එය ළඟ ගෙන සිටියේය. මෙය බරපතල වරදකි. මේ සම්බන්ධයෙන් හන්ටර් බයිඩන් අධිකරණය හමුවේ වරදකරු විය. ඊට අමතරව, බදු වංචා සිද්ධියක් සම්බන්ධයෙන් ද හන්ටර් බයිඩන්ට චෝදනා එල්ල වී තිබුණු අතර, ඔහු එම චෝදනා සම්බන්ධයෙන් ද වරදකරු විය.
බැරැක් ඔබාමා ඇමෙරිකාවේ ජනාධිපති ධුරය හොබවද්දී, බයිඩන් ඔහුගේ උප ජනාධිපති ලෙස කටයුතු කළේය. එම කාලයේ පියාගේ බලතල අනුව යමින්, යුක්රේනය සමඟ ආන්දෝලනාත්මක ගනුදෙනු රැසක් කළේ යැයි ද හන්ටර් බයිඩන්ට චෝදනා එල්ල වී ඇත.
(ඒ.එෆ්.පී.)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපෙත් ඉන්නවා මිනී මරලා, කලුසල්ලි සුදු කරලා, රොකට් යවලා රටේ සල්ලි නාස්ති කරලා දාපු නසරානි පුත්නාම්බො ටිකට සමාව දීලා, නිදොස් කොට නිදහස් කරපු ජනාධිපති තාත්තෙක්. බයිඩන් සීයෙ, ඔයා තනි නෑ.
ගෝලීය දේශපාලනය දිහා බලපුවාම මුළු ලෝකයම දේශපාලකයෝ ගැන හොඳටම පැහැදිලිවන එක දෙයක් තමයි ඔක්කොම එකම වල්ලෙ පොල් කියන එක...
සුද්දෝ තමයි හෙණ සුද්දවන්තයෝ කියන අපේ අය දැන් කෝ?
අපි හිතුවේ අමෙරිකාවේ මෙහෙම වෙන්නේ නෑ කියලානේ. දැන් බැලුවාම අපට වඩා හපන්. අපේ අලුත් ජනාධිපතිතුමා මේවා ආදර්ශයට ගන්න නම් එපා...!
බලනකොට ලංකාවේ වගේමනේ...!
සුද්දා වුණත් මෛත්‍රී වගේ ජේෂ්ටයින්ගේ පූර්වාදර්ශයන් අනුකරණය කරනවා.
ඇමරිකාවේ,..... ඇමරිකාවේ........ අපේ රටේ එහෙම වෙන්නේ නෑ..
Biden හෙළා දකින ඔබ සියලු දෙනා වැරදියි. ට්‍රම්ප් සිය කාර්ය මණ්ඩල මිතුරන් ඇතුළු සිය ගණනකට සමාව දුන්නේ කාර්යාලයෙන් පිටවීමට දින කිහිපයකට පෙර, ඕනෑම නින්දිත ක්‍රියාවක් හෙළිදරව් වීමට පෙරය. වැරදිකරුවෙකු තෝරා පත් කර ගන්නා ලෝකයේ එකම රට.
ට්‍රම්ප් ට කලින් චන්දය පරාද වී ජනාධිපතිකමෙන් යන්න කලින් තමන්ගෙ පන්දම්කාරයින්ට වරදක් නොකර පොදු සමාවක් දුන්නා.ජනවාරි 6 කැරලිකරුවන්ට සමාව දෙන්න සූදානම. ඛයිඩන්ගෙ තම දරුවට සමාව දෙන එක එතරම් ලොකු දෙයක් නොවේ
රාජපක්ෂ පරම්පරාවේ ඥාතිකමක් තියෙනවා ද මන්දා?