IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


පාකිස්තානයේ අධ්‍යාපන ආයතන වසයි

නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය හේතුවෙන් පාකිස්තානයේ සින්ද් පළාතේ පාසල්, විශ්ව විද්‍යාලය ඇතුළු අධ්‍යාපන ආයතන වසා දැමීමට පළාත් ආණ්ඩුව පියවර ගෙන ඇත.

පාකිස්තානයේ සින්ද් පළාත් ආණ්ඩුවේ ප්‍රකාශක මුර්තාසා වහාබ් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේය.

“සින්ද් පළාතේ සියලු රාජ්‍ය ආයතනවල සේවක පිරිස සීමා කරනවා. ආයතනවලට ගෙන්වා ගන්නේ සමස්ත සංඛ්‍යාවෙන් සියයට 20ක් පමණයි. පාසල්, විශ්ව විද්‍යාල ඇතුළු සියලු අධ්‍යාපන ආයතන වසා දමනවා” යැයි එම ට්විටර් පණිවුඩයේ දැක්විණි.

සින්ද් පළාතෙන් දෛනිකව වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන ඉහළ යෑම හේතුවෙන් පළාත් ආණ්ඩුව මෙම පියවර ගෙන තිබේ.

“අප්‍රේල් 29 වැනිදා සිට සියලු නගරාන්තර පොදු ප්‍රවාහන සේවා නවතා දමනවා” යැයි ද තවත් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මුර්තාසා වහාබ් පැවැසීය.

සින්ද් පළාතේ මහා අමාත්‍ය මුරාද් අලි ෂාහ් ගේ ප්‍රධානත්වයෙන් පැවැති පළාත් කොවිඩ්-19 කාර්ය සාධක බලකායේ රැස්වීමෙන් පසු මෙම පියවර ගෙන තිබේ.

පාකිස්තානයේ අප්‍රේල් 30 වනවිට වාර්තා වී තිබුූ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන 820,823 ක් වන අතර එරටින් වාර්තා වන වයිරස ආසාදිත මරණ ගණන 17,811කි.

ඒ.එෆ්.පී



අදහස් (0)

පාකිස්තානයේ අධ්‍යාපන ආයතන වසයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 283 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site