
පාකිස්තානයේ කයිබර් පක්තුන්කාවා පළාතේ, පෙෂාවෝර් නගරයට යෑමෙන් වළකින්නැයි පාකිස්තානයේ ඇමෙරිකන් තානාපති කාර්යාලය ඇමෙරිකානුවන්ට අනතුරු අඟවා ඇත.
ඇමෙරිකානුවන් ඇතුළු විදේශිකයන් වැඩිපුර ගැවසෙන්නේත් නවාතැන් ගන්නේත්, පෙෂවෝර් නුවර සෙරීනා හෝටලයේය. එම හෝටලයට යෑමෙන් වළකින්නැයි ද පාකිස්තානයේ ඇමෙරිකන් තානාපති කාර්යාලය අනතුරු අඟවා ඇත.
ඉස්ලාමීය ත්‍රස්තවාදී කණ්ඩායම් පෙෂාවෝර් නගරයේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන බැවින් සහ ඔවුන් ඇමෙරිකානුවන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කිරීමට ඉඩ ඇති බැවින්, ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුවේ උපදෙස් අනුව, පාකිස්තානයේ ඇමෙරිකන් තානාපති කාර්යාලය මෙසේ අනතුරු ඇඟවීම් කර ඇතැයි ද පැවැසෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd